තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පැෆරල් ලොක්කාගේ නිවස හොරු බිඳියි

    පැෆරල් ලොක්කාගේ නිවස හොරු බිඳියි

    පැෆරල් ආයතනයේ සභාපති එන්. නව්සාඩ් මහතා පදිංචිව සිටින කොල්ලුපිටිය ස්කොපිඩිල් පෙදෙසේ පිහිටි නිවසට හොරු පැන ඇත.

    නිවසේ දොරක් කඩා ඇතුළු වී ඇති සොරුන් කාමරයක අල්මාරියක තිබුණු අත්ඔරලෝසු 03ක් හා රන් භාණ්ඩ මෙසේ සොරාගෙන ගොස් ඇති බව කොල්ලුපිටිය පොලිසිය කියයි.

    සොරාගත් දේපොලවල වටිනාකම රුපියල් 715,000ක් වන බව සභාපතිවරයා විසින් පොලීසියට පවසා ඇත.

    මෙම සොරකම පෙරේදා (01) රාත්‍රී 10.00ත් ඊයේ (02) අලුයම 5.30ත් අතර කාලය තුළ සිදුව තිබේ.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img