Home උණුසුම් පුවත් පූජ්‍ය අජාන් හිමිට ගුවන්තොටේදී ප්‍රමාද වූ සිද්ධියේ ඇත්තම කතාව එළියට

පූජ්‍ය අජාන් හිමිට ගුවන්තොටේදී ප්‍රමාද වූ සිද්ධියේ ඇත්තම කතාව එළියට

පූජ්‍ය අජාන් හිමිට ගුවන්තොටේදී ප්‍රමාද වූ සිද්ධියේ ඇත්තම කතාව එළියට

ශ්‍රීලංකන් ගුවන් සේවය කටුනායක ගුවන් තොටුපළේදී පූජ්‍ය අජාන් බ්‍රහ්මවංශ හිමියන්ට අපහසුතාවක් ඇති වන පරිදි කටයුතු කර ඇති බවට මේ වනවිට සමාජ මාධ්‍ය තුළ පැතිරෙන පුවත මුළුමනින්ම අසත්‍ය බව එම ගුවන් සේවය අවධාරණය කරයි.

2023 මැයි 31 දින පූජ්‍ය අජාන් බ්‍රහ්මවංශ හිමියන්, වෙනත් ගුවන් සේවාවකට අයත් ගුවන් යානයකින් මෙරටින් පිටත්ව යාමට නියමිතව තිබී ඇත.

අදාල ප්‍රමාදය සිදුවන අවස්ථාවේදී කඩිනමින් ඉදිරිපත් වූ ශ්‍රීලංකන් ගුවන් සේවය විසින් එම හිමියන්ට සිය ගුවන් සේවයට අයත් ගුවන් යානයක ගමන් කිරීමට අවස්ථාව ලබාදීම සිදුකරන ලදී.

එබැවින් මෙම සිදුවීම සිදු වන අවස්ථාව වනවිට අජාන් බ්‍රහ්මවංශ හිමියන් ශ්‍රීලංකන් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් බැංකොක් වෙත හෝ වෙනත් ගමනාන්තයක් වෙත ගමන් කිරීමට නියමිතව නොසිටි බව ශ්‍රීලංකන් ගුවන් සේවය අවධාරණය කර සිටී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here