Home උණුසුම් පුවත් පොසොන් වෙනුවෙන් හෙට සිට විශේෂ දුම්රිය සේවාවක්

පොසොන් වෙනුවෙන් හෙට සිට විශේෂ දුම්රිය සේවාවක්

පොසොන් වෙනුවෙන් හෙට සිට විශේෂ දුම්රිය සේවාවක්

පොසොන් උත්සවය වෙනුවෙන් මෙම මස 02 වනදා සිට 05 වනදා දක්වා විශේෂ දුම්රිය ගමන්වාර 12 ක් පමණ ධාවනයට යොදවා ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කරයි.

ජුනි මස 02 වනදා පස්වරු 1.00 සිට මෙම විශේෂ දුම්රිය සේවාව ක්‍රියාත්මක වේ. ඒ් අනුව ජුනි මස 02 වනදා පස්වරු 1.00 ට විශේෂ දුම්රියක් කොළඹ කොටුවෙන් අනුරාධපුරය දක්වා ක්‍රියාත්මකයි.

එදින සවස 4.40 ට අනුරාධපුරය දක්වා විශේෂ දුම්රියක් ද රාත්‍රි 8.15 ට ගාල්ල සිට විශේෂ දුම්රියක් ද ධාවනයට යොදවා ඇති බව එම දෙපාර්තමේන්තුව සදහන් කරයි.

පෝය දින උදෑසන 7.05 ට කොළඹ කොටුවෙන් විශේෂ දුම්රියක් ද බෙලිඅත්ත දුම්රිය ස්ථානයෙන් පෙ‍.ව. 7.30 ට විශේෂ දුම්රියක්ද ධාවනයට යොදවා තිබේ.

ආපසු පැමිණීම සඳහා ජුනි මස 03 වනදා පස්වරු 5.00 ට අනුරාධපුරයෙන් කොළඹ කොටුව දක්වා විශේෂ දුම්රියක් ද රාත්‍රි 9.30 ට අනුරාධපුරයේ සිට ගාල්ල දක්වාත් වි‍ශේෂ දුම්රිය සේවාවක් ධාවනයට එක් කර තිබේ.

මීට අමතරව හෝමාගම පොසොන් කලාපය නැරඹීම සදහා පැමිණෙන බැතිමතුන් වෙනුවෙන් ද රාත්‍රි විශේෂ දුම්රිය සේවාවක් ක්‍රියාත්මක කරන බව ද දුම්රිය දෙපාර්තමේන්තූව වැඩිදුරටත් සඳහන් කරයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here