Home උණුසුම් පුවත් බෙහෙත් ගන්න ඇවිත් ගිනිඅවියක් අරන් ගිය කුවෙට් ජාතිකයා කොටුවෙයි

බෙහෙත් ගන්න ඇවිත් ගිනිඅවියක් අරන් ගිය කුවෙට් ජාතිකයා කොටුවෙයි

බෙහෙත් ගන්න ඇවිත් ගිනිඅවියක් අරන් ගිය කුවෙට් ජාතිකයා කොටුවෙයි

පාදයේ ආබාධයක් සඳහා ආයුර්වේද ප්‍රතිකාර ගැනීමට මෙරටට පැමිණ නැවත සිට රට බලා පිටත්ව යාමට සූදානම් වූ කුවෙට් ජාතිකයෙකුව වායු රයිෆලයක් සහ පතොරම් 500ක් සමඟ ගුවන්තොටුපොල ආරක්ෂක අංශ නිලධාරීන් විසින් ඊයේ අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම කුවෙට් ජාතිකයාගේ ගමන් මලු පරීක්ෂා කිරීමේදී ගිනි අවිය සහ පතොරම් තොගය හමුවී ඇති බවත් ඒ අනුව ඔහුව අත්අඩංගුවටගත් බවත් ගුවන්තොටුපොල ආරක්ෂක අංශය සඳහන් කරයි.

මෙම කුවෙට් ජාතිකයා අවුරුදු 75ක් වයසැති අයෙකි. විශ්‍රාමික ගුරුවරයෙක් වන ඔහු ප්‍රශ්න කිරීම් හමුවේ පවසා ඇත්තේ මෙම අවිය තමා මෙරටින් මිලදීගත් එකක් බවය. වෙළද පොලේ මිලදී ගැනීමට තිබුණු නිසා එය මිලදි ගත් බවද ඔහු පවසා ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here