Home උණුසුම් පුවත් අනියම් බිරිඳව මරා කුලී ගෙදර වළදාලා

අනියම් බිරිඳව මරා කුලී ගෙදර වළදාලා

0
අනියම් බිරිඳව මරා කුලී ගෙදර වළදාලා

සිය අනියම් බිරිඳව මරා කුලී නිවසේ ගෙනත්තේ වලදැමූ බව කියන පුද්ගලයෙකුව අනුරාධපුර පොලීසිය ඊයේ අත්අඩංගුවට ගෙන ඇත.

මෙසේ ඝාතනය වී ඇත්තේ 50 හැවිරිදි කාන්තාවකි. ඇය මැදවච්චිය කනදරාව ප්‍රදේශයේ පදිංචිකාරියකි.

අත්අඩංගුවට ගෙන ඇති ඇගේ අනියම් සැමියා 36 හැවිරිදි අයෙකි.

ඇයව මරා වලදමා ඇත්තේ අනුරාධපුර විජේපුර පණ්ඩුකාඊය මාවතේ ගෙවත්තකය.

මෙම කාන්තාව නිවසින් අතුරුදන්ව ඇති බවට ඇගේ සහෝදරිය විසින් දින කිහිපයකට පෙර පොලීසියට පැමිණිල්ලක්ද කර තිබී ඇත. ඒ අනුව කළ විමර්ශනයේදී හෙළිවී ඇත්තේ යම් සිදුවීමක් හේතුවෙන් අනියම් බිරිඳව අනියම් සැමියා අතින් පසුගිය 27 වෙනිදා ඝාතනය වී ඇති බවය. එම ඝාතනය වසන් කිරීමට ඔහු මළ සිරුර වත්තේ වලදමා ඇති බවද පොලීසිය සොයාගෙන ඇත. මළ සිරුර අද ගොඩගැනීමට නියමිතව තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here