Home උණුසුම් පුවත් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 350ක ණයක් අනුමතයි

ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 350ක ණයක් අනුමතයි

ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 350ක ණයක් අනුමතයි

ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 350 ක විශේෂ ප්‍රතිපත්ති පදනම් කරගත් ණයක් ආසියානු සංවර්ධන බැංකුව (ADB) විසින් අද අනුමත කර තිබේ.

ඒ ආර්ථික ස්ථාවරත්වය සඳහා ශ්‍රී ලංකාවට අයවැය සහාය ලබා දීම වෙනුවෙනි.

මෙය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් මෙරටට අනුමත කළ විස්තීරණ අරමුදල් පහසුකම සමඟ ඇති පුළුල් මූල්‍ය ආධාර පැකේජයක කොටසකි.

එය ආර්ථිකය ස්ථාවර කිරීම සහ ආර්ථික ප්‍රකෘතිය සහ තිරසාර වර්ධනය සඳහා අඩිතාලම දැමීම අරමුණු කරයි.

ශ්‍රී ලංකාව පෙර නොවූ විරූ ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටී. ඉහළ උද්ධමනය මිලදී ගැනීමේ ශක්තිය අඩුවී ඇත. අතීත සංවර්ධන ජයග්‍රහණ ආපසු හැරවී ඇති අතරම ජීවනෝපායන්ට ද මෙම තත්ත්වය අහිතකර ලෙස බලපා ඇත.

‘රටේ පවතින ගැඹුරු අර්බුදය සහ ශ්‍රී ලංකාවේ ජනතාවට, විශේෂයෙන්ම දුප්පතුන්ට සහ අවදානමට ලක්විය හැකි පුද්ගලයන්ට, විශේෂයෙන්ම කාන්තාවන්ට එහි බලපෑම ගැන ADB කනස්සල්ලට පත්ව සිටිනවා’ යැයි ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති මසට්සුගු අසකාවා පැවසීය. ‘ආර්ථික ස්ථායීකරණය, තිරසාර ප්‍රකෘතිය සහ සියල්ල ඇතුළත් වර්ධනයන් සඳහා වත්මන් අභියෝග හා ඉදිරි පියවරයන් සඳහා ශ්‍රී ලංකාව සමඟ නැගී සිටීමට ADB කැපවී සිටී.’

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here