Home උණුසුම් පුවත් බස් නවත්වන අපිරිසිදු හෝටලයකට දඩ – කෑමත් විනාශ කරලා

බස් නවත්වන අපිරිසිදු හෝටලයකට දඩ – කෑමත් විනාශ කරලා

බස් නවත්වන අපිරිසිදු හෝටලයකට දඩ – කෑමත් විනාශ කරලා

හුන්නස්ගිරිය දුර ගමන්සේවා බස්රථ නැවැත්වීම සිදුකරන හෝටලයක හදිසි පරීක්ෂාවක් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් සිදුකර තිබේ.

එහිදී සෞඛ්‍යාරක්ෂිත නොවන අයුරින් පවත්වාගෙන ගිය හෝටලයේ හිමිකරුට විරුද්ධව තෙල්දෙණිය මහේස්ත්‍රාත්තුමිය විසින් රු 33,000/= ක දඩ මුදලක් නියම කර ඇත.

තිස්දහසකට ආසන්න ආහාර තොගයක් විනාශ කිරිමට කටයුතු කරන ලදී.

හෝටල් හිමිකරුට ගැටලු සියල්ල නිවරදිකර ඉදිරි දිනකදී අධිකරණයට කරුණු වාර්තා කරන ලෙසට තෙල්දෙණිය මහේස්ත්‍රාත්තුමිය විසින් වැඩිදුරටත් දැනුම් දී ඇත.

හුන්නස්ගිරිය මහජන සෞඛ්‍ය පරීක්ෂක සන්තුෂ බණ්ඩාර , උඩදුම්බර මහජන සෞඛ්‍ය පරීක්ෂක ඉන්දික රත්නායක , මඩුගල්ල මහජන සෞඛ්‍ය පරීක්ෂක තරංග බණ්ඩාර යන මහත්වරුන් විසින් මෙම හදිසි පරීක්ෂාව සිදුකර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here