තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පොහොට්ටුවේ තීරණවලට ජී.එල්. නඩු දමයි

    පොහොට්ටුවේ තීරණවලට ජී.එල්. නඩු දමයි

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී. එල්.පිරිස් මහතා දින(26) කොළඹ දිසා අධිකරණයේ නඩුවක් ගොනු කර තිබේ.

    ඒ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 2023 අප්‍රේල් 22 වෙනි දින පැවැත්වූ මහා සභා රැස්වීම කිසිම නීතිමය වලංගු භාවයක් නොමැති හා ගත් සියලු තීන්දු නීති විරෝධී හා ශුන්‍ය බවට ප්‍රකාශ කරමිනි.

    පොදුජන පෙරමුණේ ලේකම් සාගර කාරියවසම්, ජාතික සංවිධායක ඇතුළු පක්ෂයේ සියලු නිලධාරීන් මෙම පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස නම් කර ඇත.

    නඩු අංක DSP 00206/23 යටතේ ගොනු කළ මෙම නඩුව සඳහා මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා වෙනුවෙන් පෙනී සිටින්නේ ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතායි.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img