Home උණුසුම් පුවත් පෙම්වතිය අතහැර ගිය දුකට යට ඇඳුමින් ගාලු කොටුවේ යකානැටූ චීනා රක්ෂිතයට

පෙම්වතිය අතහැර ගිය දුකට යට ඇඳුමින් ගාලු කොටුවේ යකානැටූ චීනා රක්ෂිතයට

පෙම්වතිය අතහැර ගිය දුකට යට ඇඳුමින් ගාලු කොටුවේ යකානැටූ චීනා රක්ෂිතයට

යට ඇඳුම පිටින් ගාල්ල කොටුව තුළ අවේගශීලීව හැසිරෙමින් දෙස් විදෙස් සංචාරකයන්ට පහරදෙමින් යකා නැටූ චීන ජාතිකයෙකුව ගාල්ල සංචාරක පොලීසියේ නිලධරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

සිය පෙම්වතිය තමාව අතහැර ගියා යැයි සිත්තැවුලට පත්ව මෙම චීන ජාතිකයා මෙසේ හැසිරී ඇති බව පොලීසිය කියයි.

මෙම චීන ජාතිකයාව අත්අඩංගුවට ගැනීමට ගිය අවස්ථාවේදී ඔහු ගාල්ල කොටු බැම්මෙන් පැන සිය දිවි හානිකර ගැනීමට සූදානම් වී ඇත. එහිදී පොලීසිය ඔහුව අත්අඩංගුවට ගෙන ඇත්තේ දැඩි පරීශ්‍රමයක් දරාය.

මෙම චීන ජාතිකයා 33 හැවිරිදි අයෙකි. මොහු මෙරට වසර 05ක් තිස්සේ රැදීසිටින බවත් වීසා කාලයද වසර දෙකක් තිස්සේ ඉක්මවා ගොස් ඇති බවත් පොලීසිය කියයි.

ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට මෙම චීන ජාතිකයාව ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ජුනි 06 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here