තවත්
    මුල් පිටුවදේශීය පුවත්උණුසුම් පුවත්සියම් දේශයෙන් වැඩම කළ මහා සංඝරත්නය මහානායක හිමියන් බැහැදකියි

    සියම් දේශයෙන් වැඩම කළ මහා සංඝරත්නය මහානායක හිමියන් බැහැදකියි

    උපසම්පදා පුණ්‍ය කර්මය මෙරට ආරම්භ කොට වසර 270ක් සැපිරීම නිමිත්තෙන් ත්‍රිකුණාමලයේ සිට පා ගමනින් මහනුවර දක්වා වැඩම කළ තායිලන්ත මහා සංඝරත්නය අද පෙරවරුවේ සියම් මහ නිකායේ මල්වතු හා අස්ගිරි මහා නායක හිමිපාණන් වහන්සේ බැහැදුටුහ.

    මහනුවර ශ්‍රී දළදා මලිගාව අභියසදී දියඩවන නිලමේ ප්‍රදීප් නිලංග දෑල සහ දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් යන මහත්වරුන් මහා සංඝරත්නය පිළිගන්නා ලද අතර එහි සිට මහ පෙරහැරින් මහා සංඝරත්නය මල්වතු මහා විහාරය දක්වා වැඩම කළෝය.

    මල්වතු මහා විහාරීය මංගල උපෝෂථාගාරයේදී පනස්නමක් වන තායිලන්ත භික්ෂූන් වහන්සේ සහ මල්වතු මහා විහාරීය කාරක සංඝසභික මහා සංඝරත්නය හමුවූ අතර අනතුරුව තායි භික්ෂුන් වහන්සේ වැලිවිට සංඝරාජ කෞතුකාගාරය නිරීක්ෂණයට එක්විය.

    සියම් දේශයේ සිට උපසම්පදාව මෙරටට වැඩම කළ අවස්ථාවේ සිට ඓතිහාසික තොරතුරු රැසකින් මෙම කෞතුකාගාරය සමන්විතය.

    මල්වතු පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමියන් බැහැ දුටු මහා සංඝරත්නය පසුව අස්ගිරි මහා විහාරීය මංගල උපෝෂථාගාරය දක්වා මහ පෙරහැරින් පැමිණියෝය.

    අස්ගිරි පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ඤාණරතන හිමිපාණන් වහන්සේ ප්‍රධාන කාරක සංඝසභාවේ මහා සංඝරත්නය හමුවේ රැස්වූ භික්ෂූන් වහන්සේ එහිදී ආගමිකවතාවත්වල නිරතවූහ.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img