Home උණුසුම් පුවත් රේල් පාරේ මරාගන්න හැදූ O/L සෙට් එක අල්ලයි

රේල් පාරේ මරාගන්න හැදූ O/L සෙට් එක අල්ලයි

0
රේල් පාරේ මරාගන්න හැදූ O/L සෙට් එක අල්ලයි

මෙවර පැවැත්වෙන අපොස සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දීමට සිටින සිසුන් 05 පස් දෙනෙක් බණ්ඩාරවෙල පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.

උපකාරක පංති ගුරුවරුන් විසින් පැවැත්වූ දේශනයකට සහභාගිවීමට පැමිණ ගැටුම් ඇතිකර ගැනීමක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍යවල සංසරණය වූ වීඩියෝ දෙකකට අදාලව මෙම සිසුන් අත්අඩංගුවය ගෙන ඇත.

මෙම සිසුන් බණ්ඩාරවෙල පිහිටි ප්‍රධාන පාසල් දෙකක අධ්‍යාපනය ලබන අය බව පොලීසිය කියයි.

සමාජ මාධ්‍යවල සංසරණය වූ එක් වීඩියෝවක දැක්වෙන්නේ දුම්රිය මාර්ගයේ දී එක් සිසුවෙක් පිහියක් රැගෙන තවත් සිසුවෙකුට පහරදීමට දරණ උත්සවයකි. එම ගැටුම වීඩියෝගතකර ඇත්තේ ද ඔවුන් සමඟ සිටි සිසුවෙකි. ඔහු එය මුහුණු පොතට එක්කර තිබුණි.

මෙම ගැටුම සම්බන්ධයෙන් සිසුන් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇත. තවත් පිරිසක් අත්අඩංගුවට ගැනීමට නියමිත බව පොලීසිය කියයි.

සමාජ මාධ්‍යවල සංසරණය වූ දෙවැනි වීඩියෝවට අනුව අත්අඩංගුවට ගෙන ඇත්තේ සිසුන් දෙදෙනෙකි. තවත් සිසුන් කිහිප දෙනෙක් අත්අඩංගුවට ගැනීමට නියමිතව ඇති බව පොලීසිය කියයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here