තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්රාජ්‍ය සේවයේ උපාධිධාරීන්ට Refresher Boot camp

    රාජ්‍ය සේවයේ උපාධිධාරීන්ට Refresher Boot camp

    රාජ්‍ය අංශයේ තොරතුරු තාක්ෂණයට ඍජුව සම්බන්ධ නොවන තොරතුරු තාක්ෂණ උපාධිධාරීන්ගේ හැකියාවන් සහ නිපුණතාවයන් තවදුරටත් වර්ධනය කර ඔවුන්ට තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ ඉහළ රැකියා අවස්ථාවන්ට පිවිසීමට මඟ සැලසීමේ Refresher Boot camp වැඩසටහන සඳහා මේ වනවිට එක්දහස් දෙසීයකට වැඩි පිරිසක් ලියාපදිංචි වී ඇතැයි වාර්තා වේ.

    මෙම වැඩසටහනට අදාළව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) නිකුත් කළ නිවේදනයක මෙසේ ද සඳහන් වේ.

    ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය මෙම පුහුණු වැඩසටහන ක්‍රියාත්මක කර තිබෙන අතර රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශයේ සහ තාක්ෂණ අමාත්‍යංශයේ පූර්ණ සහයෝගය මේ සඳහා ලැබී තිබේ.

    මෙරට ප්‍රකට සහ කීර්තිමත් තොරතුරු තාක්ෂණ කර්මාන්ත සංවිධාන සහ සමාගම් මෙම තොරතුරු තාක්ෂණ උපාධිධාරීන් පුහුණු කිරීමේ වැඩසටහනට එක් ව තිබෙන අතර ශ්‍රීලංකා පරිගණක සංගමය(CSSL), බ්‍රිතාන්‍ය පරිගණක සංගමය (BCS), ශ්‍රී ලංකා මෘදුකාංග හා සේවා සමාගම් සඳහා වන සංගමය (SLASSCOM),ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ කර්මාන්ත මණ්ඩලය (FITIS) මේ අතර වෙයි.

    රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය විසින් ප්‍රකාශයට පත් කරන ලද රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක 14/2022 හි ප්‍රතිපාදන අනුව රාජ්‍ය අංශයෙන් බැහැව සේවය කිරීම සඳහා (මෙරට හෝ විදේශීය) තාවකාලික නිවාඩු අපේක්ෂා කරන තොරතුරු තාක්ෂණ උපාධිධාරී රාජ්‍ය සේවකයන් සඳහා මෙම වැඩසටහන ක්‍රියාත්මක වේ.

    මෙම Refresher Boot camp වැඩසටහනෙහි දෙවන අදියර සිව් දිනක් පුරා ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතන පරිශ්‍රයේ දී පවත්වා තිබේ.

    රටේ ඩිජිටල් ආර්ථික ක්‍රියාවලියට සක්‍රීය ලෙස දායක වීමට මෙම රාජ්‍ය නිලධාරීන්ට අවස්ථාව උදා වී තිබෙන බවත්, මෙරට තොරතුරු තාක්ෂණ කර්මාන්තය මුහුණ දී සිටින මානව සම්පත් හිඟයට කඩිනම් විසඳුමක් ළඟා කර දීමට හැකි වී තිබෙන බවත් තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා මෙම වැඩසටහනට එක්වෙමින් පැවසීය.

    රාජ්‍ය චක්‍රලේඛ අංක 14/2022 යටතේ රාජ්‍ය නිලධාරීන්ට රාජ්‍ය අංශයෙන් පරිබාහිර ව රටේ ආර්ථික ක්‍රියාවලියට සක්‍රීය ව දායක වීමට අවකාශ සලසා දී තිබෙන බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශයේ අතිරේක ලේකම් වරුණ ශ්‍රී ධනපාල මහතා පෙන්වා දුන්නේය.

    ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ ප්‍රධාන විධායක නිලධාරී මහේෂ් පෙරේරා මහතා මෙහි දී සඳහන් කළේ රටේ ඩිජිටල් සංවර්තනය සහ ඩිජිටල් ආර්ථික ක්‍රියාවලියට අවශ්‍ය මානව සම්පත් ධාරිතා ප්‍රවර්ධනය මේ වන විට ආරම්භ කර තිබෙන බවත්, මෙම වැඩසටහන එහි තවත් එක් අවස්ථාවක් බවත් ය.

    ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ නියෝජ්‍ය ප්‍රධාන ඩිජිටල් ආර්ථික නිලධාරී සමීර ජයවර්ධන මහතා මෙම අවස්ථාවට එක් වෙමින් ඉතා වේගයෙන් ඉදිරියට යන තොරතුරු තාක්ෂණ කර්මාන්තය සහ ඩිජිටල් ආර්ථීකය සවිබල ගැන්වීමට අවශ්‍ය මානව සම්පත සුදානම් කිරීම Lighting Digital ධාරිතා ප්‍රවර්ධන වැඩසටහන යටතේ සාර්ථක ව ඉදිරියට යමින් තිබෙන බවත්, තොරතුරු තාක්ෂණ කර්මාන්තය,රාජ්‍ය අංශය මෙන් ම පෞද්ගලික අංශය සමඟ ඉදිරියටත් සම්බන්ධ වෙමින් තවත් පුළුල් ආකාරයෙන් මෙම වැඩසටහන ව්‍යාප්ත කිරීමට අපේක්ෂා කරන බවත් කියා සිටියේය.

    රමේෂ් වරල්ලෙගම

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img