තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පොහොර සහනාධාර වවුචර් පත් අද සිට

    පොහොර සහනාධාර වවුචර් පත් අද සිට

    යල කන්නයේ වී වගා කරන ගොවි ජනතාවට අවශ්‍ය රසායනික හෝ කාබනික පොහොර මිල දී ගැනීම සඳහා අවශ්‍ය මුල්‍ය ප්‍රතිපාදන සහනාධාර වචුචරයක් වශයෙන් ලබා දීමට රජය තීරණය කර තිබේ.

    එම ගොවීන්ගේ නිෂ්පාදන වියදම් අවම කිරීමේ අරමුණින් මෙම පියවර ගෙන ඇත.

    ඒ අනුව වී වගා කරන හෙක්ටයාර් එකකට රුපියල් 20,000ක් හා හෙක්ටයාර් දෙකක් සඳහා රුපියල් 40,000ක් වශයෙන් සහනාධාර මුදලක් ලබා දීමට කටයුතු යොදා ඇත.

    මෙවර පොහොර සහනාධාරය සඳහා රජය වෙන් කර ඇති මුදල රුපියල් බිලියන 10කි.

    මෙම මුල්‍ය සහනාධාරය වවුචරයක් වශයෙන් සෑම ගොවියෙකුටම ලබා දීමට තීරණය කර ඇත.

    මෙවර යල කන්නයේ වී වගා කරන ගොවීන් 650,000 කට මෙම වවුචර්පත් නිකුත් කිරීම ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් සිදු කරයි.

    මෙම වවුචර්වලින් ගොවීන්ට රසායනික පොහොර හෝ කාබනික පොහොර පමණක් මිල දී ගත හැකි බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

    එමෙන්ම ගොවි ජනතාවගේ කැමැත්ත පරිදි රජයේ පොහොර සමාගම් දෙක සපයන රසායනික හෝ කාබනික පොහොර සියලුම ගොවිජන සේවා මධ්‍යස්ථානවලින් ද, එමෙන්ම පුද්ගලික අංශය මගින් ද මිලදී ගැනීමට අවස්ථාව ලබා සලසා තිබේ.

    මෙම පොහොර සහනාධාර වවුචර්පත් සංකේතාත්මකව නිකුත් කිරීම අද (22) පස්වරුවේ ගොවීන් 25කට කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා අතින් කෘෂිකර්ම අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී සිදු විය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img