Home උණුසුම් පුවත් මව ඉදිරියේ තරුණියක නිරුවත් කර අතවර කළ කොස්තාපල් කොටුවෙයි

මව ඉදිරියේ තරුණියක නිරුවත් කර අතවර කළ කොස්තාපල් කොටුවෙයි

0
මව ඉදිරියේ තරුණියක නිරුවත් කර අතවර කළ කොස්තාපල් කොටුවෙයි

පොලියේ රෝගයෙන් පෙළෙන ආබාධිත තරුණියක ඇගේ මව ඉදිරියේ නිරුවත් කර ඇඟ පසඟ අතගෑ බවට චෝදනා එල්ල වන කොළඹ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයට අනුයුක්තව සේවයේ නිරත පොලිස් කොස්තාපල්වරයෙකුව කොස්ගොඩ පොලීසියේ නිලධාරීන් විසින් ඊයේ අත්අඩංගුවට ගෙන තිබේ.

ඉදුරුවේ පදිංචි 20 හැවිරිදි තරුණියකට මෙම පොලිස් නිලධාරියා මෙසේ අතරවරයට ලක්ව ඇත.

මෙම ආබාධිත තරුණිය වසර දෙකක පමණ කාලයක් තිස්සේ පොලිස් නිලධාරියාගේ මව බලා ගන්නා බව පොලීසිය කියයි. පෙරේදා මෙම නිලධාරියා නිවසට පැමිණ සිටියදී මෙම අබාධිත තරුණියට චෝදනා කර ඇත්තේ ඔහුගේ මුදල් පසුමිබියේ තිබුණු රුපියල් 10,000ක මුදලක් අස්ථාන ගතව ඇති බවත් එය ඇය විසින් සොරාගෙන ඇති බවටත්ය.

ඇය එහිදී පවසා ඇත්තේ තමන් එවනි සොරකමක් සිදුකර නොමැති බවය. එහිදී පොලිස් නිලධාරියා පවසා ඇත්තේ ඇයත් ඇගේ මවත් එක්ව මෙම සොරකම කර ඇති බවය.

අනතුරුව මෙම නිලධාරියා එම තරුණියත් ඇගේ මවත් නිවසේ කාමරයක සිරකර ඇගේ මව ඉදිරිපිටදීම ඇයව සම්පූර්ණයෙන්ම නිරුවත්කර ඇති බව පොලීීසිය කියයි. පසුව ඔහු ඇයව පරීක්ෂාකරන මුවාවෙන් සිරුරු අතගාමින් පියයුරු මිරිකා ඇති බව තරුණිය විසින් කළ පැමිණිල්ලෙහි දැක්වෙන බව පොලීසිය කියයි.

මෙම තරුණිය පොලීසියට පවසා ඇත්තේ ඇදුම් ගැලවීමට තමා අකමැත්ත දැක්වූ විට පොලිස් නිලධාරියා තමාට පහරදුන් බවය.

පොලීසිය පවසනුයේ මෙම තරුණියගේ පැමිණිල්ල පොලිස් ස්ථානයට ලැබීමට පෙර පොලිස් නිලධාරියා පැමිණ මුදල් පසුමිබියේ වූ රුපියල් 10,000ක මුදලක් නැති වීම ගැන පැමිණිල්ලක්ද ඉදිරිපත්කර ඇති බවය.

සැකකාර පොලිස් නිලධාරියාව අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here