Home උණුසුම් පුවත් කුඩු ගහලා බස් එලවන රියදුරන් කොටුකිරීම බස්නාහිරෙන් ඇරඹේ

කුඩු ගහලා බස් එලවන රියදුරන් කොටුකිරීම බස්නාහිරෙන් ඇරඹේ

0
කුඩු ගහලා බස් එලවන රියදුරන් කොටුකිරීම බස්නාහිරෙන් ඇරඹේ

හෙරොයින්, අයිස්, කොකේන් වැනි විෂ මත්ද්‍රව්‍ය භාවිතාකර රථවාහන ධාවනයකරන රියදුරන් නීතියේ රැහැනට හසුකර ගැනීමේ මෙහෙයුමක් බස්නාහිර පළාත ආශ්‍රීතවව මේ වන විට ආරම්භකර තිබේ.

බස්නාහිර පළාතේ පොලිස් ස්ථාන 106ක් මගින් මෙම මෙහෙයුම දියත්කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව මහතා පවසයි.

රියදුරන්ගේ ඛේටය පරීක්ෂා කිරීම් මගින් ඔවුන් භාවිතාකර ඇති මත්ද්‍රව්‍ය හදුනා ගැනීමට හැකි පරීක්ෂණ කට්ටල් මේ වන විට පොලීසියට ලැබී ඇති බවත් එම පරීක්ෂණ කට්ටල් මගින් මෙම මෙහෙයුම දියත්කර ඇති බවත් නිහාල් තල්දූව මහතා කියයි.

පසුගිය සති අන්තයේ කළ මෙහෙයුම් වලින් විෂ මත්ද්‍රව්‍ය භාවිතා කර බස් රථ පැදවූ රියදුරන් 15 දෙනෙකු හදුනාගෙන ඇති බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here