Home උණුසුම් පුවත් රට යාමත් තහනම් -ආණ්ඩු පක්ෂ මන්ත්‍රීලාට අනිවාර්ය කැඳවීමක්

රට යාමත් තහනම් -ආණ්ඩු පක්ෂ මන්ත්‍රීලාට අනිවාර්ය කැඳවීමක්

රට යාමත්  තහනම් -ආණ්ඩු පක්ෂ මන්ත්‍රීලාට අනිවාර්ය කැඳවීමක්

ඉදිරි පාර්ලිමේන්තු සතියේ අනිවාර්යෙන්ම පාර්ලිමේන්තු රැස්වීම  සඳහා සහභාගි වන්නැයි ආණ්ඩු පක්ෂය නියෝජනය කරන සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට, ආණ්ඩු පක්ෂ සංවිධායක කාර්යාලයෙන් ලිඛිතව දැනුම් දී  තිබේ.

ආණ්ඩු පක්ෂය නියෝජනය කරන ජ්‍යෙෂ්ඨ  මන්ත්‍රිවරයෙකු සඳහන් ක‍ළේ, ඉරි තුනේ නිවේදනයක් මගින් එම දැනුම් දීම සිදුකර ඇති බවයි.

එලෙස ඉරි 03ක නිවේදනයක් ලෙස දැනුම් දීමක් සිදු කරන්නේ, අයවැය ඡන්ද විමසීමකදී හෝ ව්‍යවස්ථා සංශෝධනයකදී  වැනි අතිශය වැදගත් පනත් කෙටුම්පතක් සම්මත කර ගැනීමේදී  බව එම මන්ත්‍රිවරයා සඳහන් කළේ ය.

එවැනි විශේෂ දැනුම් දීමක් කර තිබියදී  මන්ත්‍රිවරුන්ට අදාළ  කාලසීමාව තුළ විදේශගත වීම ද, තාවකාලිකව තහනම් වනු ඇත.

යම් මන්ත්‍රිවරයෙකු ඒලෙස දැනුම් දී තිබියදීත් පාර්ලිමේන්තු රැස්වීම සඳහා සහභාගි නොවන්නේ නම්, ඊට හේතු දැක්විය යුතු බවද අදාළ නිවේදනයේ සදහන් වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here