තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්නාට්‍ය නිෂ්පාදිකාවගේ මෙහෙකාරියගේ මරණය: පරීක්ෂණ CIDයට

    නාට්‍ය නිෂ්පාදිකාවගේ මෙහෙකාරියගේ මරණය: පරීක්ෂණ CIDයට

    ටෙනි නාට්‍ය නිෂ්පාදිකාවක් මෙන්ම සමාජයේ ප්‍රසිද්ධ චාරිතයක් වන සුදර්මා නෙත්ති කුමාර මහත්මියගේ නිවසේ සිදුවූ බව කියන රන් මුදුවක් සොරා ගැනීමකට වැලිකඩ පොලීසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවටගත් මෙහෙකාරියට පොලීසියේදී අමානුෂික ලෙස පහරදී ඇති බව පොලිස් විශේෂ විමර්ශන ඒකකය විසින් හෙළිකරගෙන තිබේ.

    මෙම පහරදීම සිදුකර ඇත්තේ පසුගිය 11 වෙනිදාය. එසේම විමර්ශන වලින් හෙළිවී ඇත්තේ ඇයව අත්අඩංගුවට ගෙන පොලිස් ස්ථානය තුළ රදවාගෙන ඇත්තේද නීති විරෝධී ලෙස බවය.

    ඒ අනුව පහරදීමට සහ නීති විරෝධී රදවා ගැනීම සම්බන්ධයෙන් චෝදනා එල්ලවන උප පොලිස් පරීක්ෂකවරයෙකුගේත් සැරයන්වරු දෙදෙනෙකුගේත් කොස්තාපල්වරයෙකුගේත් වැඩ තහනම්කර තිබේ. ඊට අමතරව කාන්තා පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකුට හා කොස්තාපල්වරයෙකුට වැලිකඩ පොලිස් ස්ථානයේ සිට කොළඹ උතුර , කොළඹ දකුණ සහ කොළඹ මධ්‍යම යන කොට්ඨාශ වෙත ස්ථාන මාරුවීම්ද ලබාදී ඇත.

    මේ හැරුණු කොට වැලිකඩ පොලිස් ස්ථානාධිපතිවරයාව ස්ථාන මාරුකරන ලෙස පොලිස්පතිවරයා විසින් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාට නිර්දේශයක්ද ඉදිරිපත්කර තිබේ.

    මෙම වැඩ තහනම් කිරීම් සහ ස්ථාන මාරුකිරීම් සිදුව ඇත්තේ මෙම නිලධාරීන් පොලිස් විනය සංග්‍රහයේ ඇති විනය විරෝධී ක්‍රියාවන් සිදුකර ඇති බැවිනි. පොලිස් විශේෂ විමර්ශන ඒ්කකය විසින් පරීක්ෂණයක් සිදුකරනු ලැබුවේ ඒ සම්බන්ධයෙනි.

    මෙහෙකාරියගේ මරණය,ඇයට පහරදීම, නීති විරෝධි ලෙස ඇයව පොලිස් ස්ථානයේ රදවා තබා ගැනීම සම්බන්ධයෙන් විමර්ශන පවත්වා සැකකරුවන් අත්අඩංගුවට ගැනීමේ වගකීම පොලිස්පතිවරයා විසින්් පවරා ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටය. ඒ විශේෂ විමර්ශන අංශයේ විමර්ශන වාර්තාව සැළකිල්ලට ගෙනය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img