තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ගොඩනැගිලිවල මදුරු කීටයන් මඬින ඩ්‍රෝන මෙහෙයුම සාර්ථකයි

    ගොඩනැගිලිවල මදුරු කීටයන් මඬින ඩ්‍රෝන මෙහෙයුම සාර්ථකයි

    උස් ගොඩනැගිලිවල ඩෙංගු මදුරුවන් බෝවිය හැකි ස්ථාන ඩ්‍රෝන කැමරා උපයෝගී කරගනිමින් අද පරීක්ෂා කර තිබේ.

    එවැනි ගොඩනැගිලිවල මදුරු කීටයන් බෝවිය හැකි වතුර රැඳී තිබෙන ස්ථාන වෙත ගුවනේ සිට ඩ්‍රෝන කැමරාව උපයෝගී කරගනිමින් BTI කැට යොදන ලද රසායනික ද්‍රව්‍ය ඉසීමද සිදු කර ඇත.

    උස් ගොඩනැගිලිවලට මහජන සෞඛ්‍ය පරීක්ෂවරුන්ට ළඟාවිය නොහැකි බැවින් මෙම ක්‍රියාමාර්ගය ගෙන තිබේ.

    මෙම ඩ්‍රෝන යානා දෛනිකව කොළඹ, කළුතර සහ ගම්පහ සෑම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයක් වෙතම ලබාදීමට ද සැලසුම් කර ඇති බව බස්නාහිර පළාත් කීට විද්‍යාඥ අයේෂා සරත්චන්ද්‍ර සඳහන් කළේය.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img