Home උණුසුම් පුවත් “ඕන කෙනක් යන්න.. එන්න ඕන අය එන්න” -සජිත්

“ඕන කෙනක් යන්න.. එන්න ඕන අය එන්න” -සජිත්

“ඕන කෙනක් යන්න.. එන්න ඕන අය එන්න” -සජිත්

සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් ඕනෑම අයකුට පක්ෂය හැර යා හැකි බවත් පක්ෂයට සම්න්ධවීමට කැමති ඕනෑම මන්ත්‍රීවරයකුට සම්බන්ධ විය හැකි බවත් විපක්ෂ නායක, සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු පක්ෂය හැර ගොස් ආණ්ඩුවට එක්වීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් කළ විමසීමකදී විපක්ෂ නායකවරයා මේ බව කියාසිටියේ ය.

“දේශපාලනයේ ඇතුළේ යනවා එනවා. රටේ මිනිස්සු දන්නවා කීයටද ඒගොලේලෝ අලෙවි වෙන්නේ. මොන හේතුවක් නිසාද යන්නේ කියන එක. ඉතිං මම කියන්න කැමතියි. යන්න ඕන්නම් යන්න පුළුවන් එන්න ඕ‍න්නම් එන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න අපේ පක්ෂයට සම්බන්ධ වෙනකොට ප්‍රතිපත්තිගරුකව, ප්‍රතිපත්ති මත පදනම්ව තමයි අපි සම්බන්ධ කරගන්නේ. යන්න ඕන කෙනකුට යන්න පුළුවන්.” යැයි විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here