තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්වසන්ත ඇතුළු 8ක් අත්අඩංගුවට

    වසන්ත ඇතුළු 8ක් අත්අඩංගුවට

    කැලණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය විසින් එම විශ්වවිද්‍යාලය ඉදිරිපිට සිදුකළ විරෝධතාවය අතරතුරදී පොලීසිය විසින් ඊයේ රාත්‍රියේ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුළු ශිෂ්‍ය ක්‍රියාකාරීන් 8 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

    ඔවුන් අද මහර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත ය.

    යුතු ජනරාශියක සාමාජිකයින්ව සිටිමින් පොලිස් නිලධාරීන්ට පහරදී තුවාල සිදුකිරීම, රාජකාරියට බාධා කරමින් කලහකාරී ලෙස හැසිරීම යන චෝදනා යටතේ මෙම පිරිස අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.

    මෙහිදී ඇතිවූ නොසන්සුන්තාවය සමඟ තුවාල ලැබූ පොලිස් නිලධාරීන් දෙදෙනෙකු කිරිබත්ගොඩ රෝහලට ඇතුළත් කර ඇත.

    කිරිබත්ගොඩ පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් සැකකරුවන් පිරිස වැඩිදුර විමර්ශන සඳහා රාගම පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇත.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img