තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ඉන්දියානු නාවික හමුදා නෞකාවක් ත්‍රි'මලේ සංචාරයක

    ඉන්දියානු නාවික හමුදා නෞකාවක් ත්‍රි’මලේ සංචාරයක

    ඉන්දියානු නාවික හමුදාවේ බට්ටි මල්ව් නෞකාව ඉකුත් 16 හා 17 දිනවල ත්‍රිකුණාමලයේ මෙහෙයුම් සංචාරයක නිරත විය.

    දිවයිනට පැමිණි මෙම නෞකාව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදායන්ට අනුව උණුසුම් අයුරින් පිළිගන්නා ලදී.

    ඉන්දියානු නාවික හමුදා නෞකාවේ අණදෙන නිලධාරි ලුතිනන් කමාන්ඩර් මන් සිං එම්. මහතා නැගෙනහිර නාවික විධාන මූලස්ථානයේ දී නැගෙනහිර නාවික ප්‍රදේශය භාර අණදෙන නිලධාරී රියර් අද්මිරාල් එච්. ජී. යූ. ඩී. කුමාර මහතා හමු විය.

    මේ අතර එළැඹෙන ජූනි 21 වන දින පැවැත්වීමට නියමිත ජාත්‍යන්තර යෝගා දිනය දක්වා වන දින 50 තුළ සංවිධානය කෙරෙන වැඩසටහන් මාලාවේ ඒක අංගයක් වශයෙන් පවත්වන ලද යෝගා සැසියක් ඇතුළු විවිධ පුහුණු නියැළීම් නෞකාවේ සංචාරය අතරතුර දී සිදු කරන ලදී.

    මෙහිදී දකුණු පළාතේ දරුවන් පිරිසක් හමුවූ නෞකා කාර්ය මණ්ඩලය ඔවුන්ට අධ්‍යාපනයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම සඳහා ඉවහල් වන සහයෝගයන් ද ලබා දුන්හ. ඊයේ(17) නෞකාව ශ්‍රී ලංකාවෙන් පිටත් වීමෙන් අනතුරුව ශ්‍රී ලංකා නාවික හමුදාවේ රණධීර නෞකාව සමඟ PASSEX නාවික අභ්‍යාසය සඳහා ද සහභාගී විය.

    වේගවත් මුර සංචාර නෞකාවක් වන ඉන්දීය නාවික හමුදාවේ බට්ටි මල්ව් නෞකාවේ සංචාරය කාලාපයේ පොදු සමුද්‍රීය අභියෝගයන්ට මුහුණ දීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවේ එවන් වේගවත් මුර සංචාර යාත්‍රා හි හැකියාවන් ඉහළ නැංවීම වෙනුවෙන් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර සහයෝගීතාවය ඉහළ නැංවීමට තිබෙන විභවතාවය සම්බන්ධයෙන් ද වැදගත්කමක් උසුළයි.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img