මුල් පිටුව special කඩාවැටුණු ගුවන් යානයේ සිටි කිරි කැටියෙකු සමඟ ළමුන් 4ක් සති දෙකකට පසු...

කඩාවැටුණු ගුවන් යානයේ සිටි කිරි කැටියෙකු සමඟ ළමුන් 4ක් සති දෙකකට පසු මහවනයෙන් හමුවෙයි

0

කොලොම්බියාවේ ඝන කැලෑවකට මීට සති දෙකකට පෙර කඩා වැටුනු ගුවන් යානයක සිටි ළමුන් සිව්දෙනෙකු නිරපද්‍රිතව සොයා ගැනීමට එරට බලධාරීන්ට හැකියාව ලැබී තිබේ.

එම ළමුන් සිව් දෙනා කොලොම්බියානු ආදිවාසී ප්‍රජාවන්ට අයත් ළමුන් බවත් ඔවුන් ඉතා යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවද බලධාරීන් සඳහන් කරයි.

ඉකුත් මැයි 1 දා අලුයම කොලසෙස්නා 206 දරණ යානය තම එන්ජිමේ දෝෂයක් පවතින බවටට සඳහන් කරමින් අනතුරු ඇඟවීමේ පණිවුඩයක් ගුවන් පාලක මැදිරිය වෙත නිකුත් කර ඇත. ඒ වන විට යානය ඇමසෝනාස් පළාතේ සිට අරරකුවාරා සහ ගුවාවියර් පළාතේ සැන් හොසේ දක්වා පුද්ගලයින් ළමුන් සිව් දෙනෙකු සහ වැඩිහිටයන් තිදෙනෙකු සමගින් ගමන් කර ඇත.
පසුව යානය ඝන වනාන්තරය තුල කඩා වැටී අතර ඒත් සමඟ යානය සොයා කොලොම්බියානු ආරක්ෂක අංශ, ගිනි නිවීමේ භටයින් ඇතුළු මුදා ගැනීමේ කණ්ඩායම් වහාම ක්‍රියාත්මක වී තිබේ. එහිදී ඔවුන්ට යානය සෙයා ගැනීමට හැකියාව ලැබිණි. එම අවස්ථාවේදී යානයේ ගමන් ගත් වැඩිහිටියන් තිදෙනාගේ සිරුරු යානය තුලදීම හමුවී ඇති අතර එවුන් යානය කඩා වැටීමේ ඇති වූ ගැටීමෙන් මරණයට පත්ව ඇති බවට විශ්වාසය පළකර කිය.

එහෙත් එම අවස්තාවේදී යානයේ ගමන් කළ වයස අවුරුදු 13, 9, 4 හා මාස 11ක් වයසැති ළමුන් සොයා ගැනීමට නොහැකි වී තිබේ. ඒ අනුව වහාම ක්‍රියාත්මක වූ මුදා ගැනීමේ කණ්ඩායම් ඝන වනාන්තයර පුරා ළමුන් සෙවීමේ මෙහෙයුමක් ආරම්භ කර තිබිණි.

මුල් අවස්ථාවේදි ළමුන් සිව් දොනාම ජීවතුන් අතර ඇති බවට විශ්වාසයක් නොතිබුණු බවද ආරක්ෂක අංශ අනාවරණය කරයි. එහෙත් පසවු ළමුන් සෙවීමේ මෙහෙයුමට අධිවාසීන්ද එක්ව ඇති අතර එහිදි සුවිශේෂී අනාවරණය කර ගැනීමට ඔවුන්ට හැකියාව ලැබී තිබිණි.

මුදා ගැනීමේ කණ්ඩායම් වනය පුරා ගමන් කිරීමේද ආහාරයට ගත් පළතුරු සහ වනයේ ගස්වලින් තැනූ තාවයාකලික නවාතැන් සොයා ගැනීමට හැකිවී තිබේ. මේත් සමඟම ළමුන් ජීවතුන් අතර සිටින බවට සනාථ වීමත් සමඟ මුදා ගැනීමේ මෙහෙයුම් කිරීමට පියවර ගෙන ඇත.

ඉන් අනතුරුව මුදා ගැනීමේ මෙහෙයුම් වලට සුනඛයින්ගේද සහය ලබාගෙන ඇති අතර පසුව ඊයේ (17) ළමුන් සිව් දෙනා සොයා ගැනීමට හැකියාව ලැබී තිබේ.

එහිදී මුදා ගැනීමේ කණ්ඩායම් වෙත ළමුන් පවසා ඇත්තේ තමන් වනයේ තිබූ පළතුරු ආහාරයට ගනිමින් එහි වූ අතු යොදා ගෙන ආරක්ෂා වීමට කටයුතු කර ඇති බවත් එමගින් වනයෙන් පිටතට පැමිණීමට කටයුතු කළ බවත්ය.

ළමුන් සොයා ගැනීමත් සමග එරට ජනාධිපතිවරයාට සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් සිය සතුට ප්‍රකාශ කර ඇති අතර ළමුන්ගෙ නීර්භීත බව සහ සූක්ෂම බුද්ධිය මගින් ආරක්ෂාතිව සිටීමට හැකිවීමට එරට ජනතාව සිය ප්‍රශංසාව පළකර තිබේ.

 

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version