තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ලබන සතියේදී ඖෂධ මිල පහළට

    ලබන සතියේදී ඖෂධ මිල පහළට

    ඉදිරි සතියේදී මෙරට ඖෂධ මිල 10-15 % ප්‍රමාණයකින් අඩු කිරීමට හැකි වෙතැයි අපේක්ෂා කරන බව සෞඛ්‍ය අමාත්‍ය, ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

    ඩොලරයේ අගය අඩු වීමට සාපේක්ෂව මෙලෙස ඖෂධ මිල අඩු කිරීමට පියවර ගැනෙන බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.

    ඖෂධ මිල අඩු කළ හැකි ප්‍රමාණය සම්බන්ධව මුදල් අමාත්‍යාංශය හා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ගණාකාධිකාරි අංශය සමග සාකච්ඡා ආරම්භ කර ඇතැයි ද ඒ මහතා කීය.

    ජත්‍යන්තර හෙද දිනය නිමිත්තෙන් ඊයේ (17) පොල්ගොල්ල මහින්ද රාජපක්ෂ ශ්‍රවණාගාරයේ දී පැවැති ජාතික උත්සවයෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඇමැතිවරයා මේ බව පැවසුවේය.

    ඩොලරයේ මිල ඉහළ යෑමත් සමඟ ඖෂධ මිල සැලැකිය යුතු අගයකින් ඉහළ ගිය බවත්, ඩොලරයේ අගය පහත වැටීමේ වාසිය ජනතාවට ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය සෑම විටම උත්සහ කරන බවත්, හෙතෙම අවධාරණය කළේය.

    ඖෂධ අළෙවි කිරීම සඳහා ගබඩා කර තැබෙන වෙළෙඳ සැල් අනිවාර්යයෙන්ම වායු සමීකරණය කර තිබිය යුතු ය.

    මේ නිසා ඉතා ඉහළ විදුලි බිලක් තමන්ට දැරීමට සිදුවන බවට ඖෂධ අළෙවිකරුවෝ පෙන්වා දෙන බව පැවසූ ඇමැතිවරයා ඖෂධ මිල අඩු කිරීමේ දී මෙම කාරුණු සම්බන්ධව ද අවධානය යොමු කළ යුතුව තිබෙන බව ද අවධාරණය කළේය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img