තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්යුරෝපයේ පළමු ශ්‍රී ලාංකික භික්ෂු සම්මේලනය ඕස්ට්‍රියාවේදී

    යුරෝපයේ පළමු ශ්‍රී ලාංකික භික්ෂු සම්මේලනය ඕස්ට්‍රියාවේදී

    යුරෝපයේ වැඩ සිටින ශ්‍රී ලාංකික භික්ෂුන් වහන්සේලාගේ පළමු සඟ සමුළුව ඕස්ට්‍රියාවේ වියානා අගනුවරදී අතිඋත්කර්ෂවත් අන්දමින් පසුගියදා පැවැත්විණි.

    යුරෝපා කලාපය නියෝජනය කරමින් ඉතාලිය, ජර්මනිය, ස්වීඩනය, ඩෙන්මර්ක්, ප්‍රංශය, ඔස්ට්‍රියාව, නොර්වේ, සයිප්‍රසය, ස්විස්ටර්ලන්තය, ග්‍රීසිය, එංගලන්තය යන රටවල් මෙන්ම ආසියානු කලාපයේ ජපානය, මැලේසියාව, බංග්ලාදේශය යන රටවල වැඩසිටින ශ්‍රී ලාංකික භික්ෂූන්වහන්සේලා හැට නමකට අධික සංඛ්‍යාවක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

    අභිනව භික්ෂු සංගමයේ සභාපතිවරයා ලෙස ඕස්ට්‍රියාවේ ප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය විජයරාජපුර සීලවංශ නාහිමිපානන් වහන්සේ තේරීපත්වූ අතර මෙම සංඟ සමුළුව ඔස්ට්‍රියානු රජය හා ඕස්ට්‍රියානු බෞද්ධ සංගමය විසින් සංවිධානය කරන ලදී.

    මෙම සංඟ සම්මේලනයේදී “විදේශ රටවල ධර්ම ප්‍රචාරය කිරීමේ දී ශ්‍රී ලාංකික භික්ෂුවගේ වගකීම හා කාර්යභාරය, ධර්මදූත සේවයේ යෙදෙන භික්ෂූන් වහන්සේලාගේ ධර්ම ඥානය වැනි කරුණු පිළිබඳව වැඩි අවධානයක් යොමු කරන ලදී”.

    මෙම සමුළුවට ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් ඔස්ට්‍රියාවේ ශ්‍රී ලංකා තානාපති මජින්ත ජයසිංහ මහතා, ජර්මනයේ ශ්‍රී ලංකා තානාපතිනි වරුණි මුතුකුමරාන මහත්මිය සහභාගී වූහ.

    මෙම සංඝ සමුළුවට සමගාමීව යුරෝපය පුරා පිහිටි ශ්‍රී ලාංකික විහාරස්ථාන පිළිබඳ තොරතුරු ඇතුලත් slbhikkhuassociationeu.org නමින් නව වෙබ් පිටුවක් එළිදැක්වීම ද සිදුවිය.

    මෙහි මීළඟ සම්මේලනය එළඹෙන 2024 වසරේදී ඉතාලියේදී පැවැත්විමට සංඟ සම්මේලනය තීරණය කොට ඇත.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img