තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්සිඩ්නි යන්න තිබුණු මැණික් පාර්සලය ගුවන්තොටේදී සොරාගත් සේවකයින් 2ක් කොටු

    සිඩ්නි යන්න තිබුණු මැණික් පාර්සලය ගුවන්තොටේදී සොරාගත් සේවකයින් 2ක් කොටු

    කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපොල පරීශ්‍රයේ සිට ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර බලා පසුගිය අප්‍රේල් 26 වෙනිදා ගුවන් ගත වූ ගුවන් යානයේ රැගෙන යාමට නියමිතන තිබුණු මැණික් ගල් 14ක් සොරාගත් පුද්ගලයින් දෙදෙනෙකුව කටුනායක ගුවන්තොටුපොල පොලීසිය විසින් ඊයේ අත්අඩංගුවට ගෙන ඇත.

    මෙම මැණික් ගල් කොළඹ මධ්‍යම තැපැල් හුවමාරු මධ්‍යස්ථානය මගින් ගෙන එන ලද අධිවේගී තැපැල් මලු අතර තිබී ඇත.

    සොරකම සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් සැකකරුවන් මෑන් පවර් ආයතනයකට සම්බන්ධ ගුවන්තොටුපොලේ ගුවන් බඩු පැටවීම් අංශයේ සේවයේ නිරතව සිටි අය බව පොලීසිය කියයි.

    ඔවුන් දෙදෙනා අවුරුදු 23හා 25 යන වයස්වල පසුවන තෝලංගමුව හා හසලක පදිංචිකරුවන්ය. ගුවන්තොටුපොලේ ආරක්ෂක කැමරා දර්ශන පරීක්ෂාකර සැකකරුවන් හදුනාගෙන මෙම අත්අඩංගුවට ගැනීම කර ඇත. සොරාගත් මැණික් ගල්ද පොලීසිය විසින් සොයාගෙන තිබේ.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img