තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්වැස්ස නිසා දකුණේ පාසල් ගණනාවක් වැසේ

    වැස්ස නිසා දකුණේ පාසල් ගණනාවක් වැසේ

    දකුණු පළාතේ කලාප කිහිපයක පාසල් අද (15) වසාදමා තිබේ.

    එම ප්‍රදේශ ආශ්‍රිතව බලපා ඇති අධික වැසි තත්ත්වය ඊට හේතුවයි.

    ඊයේ (14) සිට ඇදහැලෙමින් පවතින අධික වර්ෂාව හේතුවෙන් පාසල් රැසක් ජලයෙන් යට වී ඇත.

    ඒ අනුව මොරවක හා කොටපොල කොට්ඨාශවල ඇති සියලුම පාසල් අද දින වසා ඇති බව මොරවක (දෙනියාය) කලාප කාර්යාලය නිවේදනය කරයි.

    මොරවක අධ්‍යාපන කලාපයට (දෙනියාය) අයත් පස්ගොඩ කොට්ඨාසයේ ඌරුබොක්ක ජාතික පාසල හා පට්ටිවෙල කනිටු විදුහල හැර අනිකුත් සියලුම පාසල් අපදා තත්ත්වය හේතුවෙන් අද දින වසා තැබේ.

    මුලටියන අධ්‍යාපන කලාපයේ තිහගොඩ කොට්ඨාසයට අයත් කිතලගම නැගෙනහිර හා බටහිර පාසල් ද අද දින වසා තැබෙන බව මුලටියන කලාප කාර්යාලය පවසයි.

    අකුරැස්ස අධ්‍යාපන කලාපයේ අකුරැස්ස සහ මාලිම්බඩ කොට්ඨාසවලට අයත් දියලපේ කනිටු විදුහල, අතුරලිය මහ විද්‍යාලය,පහුරන්විල කනිටු විදුහල හා පරදුව කනිටු විදුහල ද අද දින වසා තැබේ.

    මේ අතර මාර/දෙයියන්දර ජාතික පාසල, මාර/දෙයියන්දර ප්‍රාථමික විද්‍යාලය, මාර/මාකඳුර මධ්‍ය මහා විද්‍යාලය, මාර/මාකඳුර ප්‍රාථමික විද්‍යාලය, මාර/සීනිපැල්ල ප්‍රාථමික විද්‍යාලය, මාර/කැටියපේ උතුර ප්‍රාථමික විද්‍යාලය, මාර/කොරඹුරුවාන මහා විද්‍යාලය, මාර/මීපාවිට ප්‍රාථමික විද්‍යාලය යන පාසල් ද අද දින වසා තැබෙනු ඇත.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img