Home උණුසුම් පුවත් ගංවතුර අවදානමක්

ගංවතුර අවදානමක්

ගංවතුර අවදානමක්

නිල්වලා ගඟ ආශ්‍රිතව ඉදිරි පැය 24 දී ගංවතුර තත්ත්වයක් පිළිබදව අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.

ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසන්නේ කොටපොල, පිටබැද්දර, අකුරැස්ස, අතුරලිය, මාලිම්බඩ, තිහගොඩ, මාතර සහ දෙවිනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල නිල්වලා ගං නිම්නයේ පහත් බිම්වල සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ හැකියාවක් පවතින බවයි.

මේ පිළිබඳව එම ප්‍රදේශවාසීන්ගේ සහ එම ප්‍රදේශ හරහා ධාවනය වන වාහන රියදුරන්ගේ දැඩි අවධානය යොමු කරන ලෙස එම මධ්‍යස්ථානය ඉල්ලා සිටියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here