Home උණුසුම් පුවත් දියලුම ඇල්ලේ කූඩාරමේ සිටි යුවලට පහරදුන් වන අලියා පියපුතු දෙපලකටද පහරදීල

දියලුම ඇල්ලේ කූඩාරමේ සිටි යුවලට පහරදුන් වන අලියා පියපුතු දෙපලකටද පහරදීල

0
දියලුම ඇල්ලේ කූඩාරමේ සිටි යුවලට පහරදුන්  වන අලියා පියපුතු දෙපලකටද පහරදීල

දියලුම ඇල්ල උඩ කොටසේ කූඩාරම් ගසාගෙන සිටි තරුණ යුවලකට ඊයේ අලුයම පහරදුන් වන අලියා පියපුතු යුවලකටත් පහරදී ඇති බව කොස්ලන්ද පොලීසිය කියයි.

එම පහරදීම සිදුව ඇත්තේ ඊයේ උදෑසන 6.00ට පමණය.

මාවෙල මඩුගස්තලාව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන ජානක පද්මබන්දු නැමැති 42 හැවිරිදි පියෙක් සහ දුල්ෂාන් ඉඳුවර නැමැති 10 හැවිරිදි ඔහුගේ දරුවා මෙසේ වන අලියාගේ ප්‍රහාරයට ලක්ව ඇත. ඔවුන් දෙදෙනා වැල්ලවාය රෝහලට ඇතුලත්කර ඇති බව පොලීසිය කියයි.

මෙම වන අලියා පූනාගල රක්ෂිතයේ සිට පැමිණ ඇති බව පෙනී ගොස් ඇත. වනජීවී නිලධාරීන් පොලීසිය සහ ගම්වැසියන් එක්ව වන අලියාව ඊයේම නැවත පූනාගල රක්ෂිතයට පලවා හැර තිබේ.

මෙම වන අලියා විසින් කළ මුල්පහරදීමෙන් හෙද පුහුණුව ලබමින් සිටි කවීෂා ඉව්ජිත් නැමැති 223 හැවිරිදි තරුණිය මිය ගියාය. ඇය මාතර කැකනදුර සිල්වරි ක්‍රෙසන්ට් හී පදිංචිකාරියක් වූවාය. මෙම අනතුර සිදුවන විට ඇය කුරුණෑගල යන්තම්පලාව හෙද පුහුණු මධ්‍යස්ථානයේ හෙද  පුහුණුව ලබමින් සිටියාය. ඇය වන අලි ප්‍රහාරයට ලක්වන්නේ සිය පෙම්වතා වූ මධුෂාන් කකළුආරචච්චි සමඟ පූනාගල උඩදියලුම ප්‍රදේශයට පැමිණ පෙරේදා රාත්‍රියේ එහි කූඩාරම් ගසා එහි රැදී සිටියදීය.

පරිසරයට ඇළුම්කරන යුවලක් වන මෙම යුවල රටපුරා සංචාරය කිරීම සිය විනෝදාංශයකරගෙන සිට ඇති බව කියැවේ . වන අලි ප්‍රහාරයෙන් තරුෂා කවීසා මිය යන විට මධුෂාන් කළුආරච්චි වන අලියාගේ පෑගීමකට ලක්ව බරපතල තත්ත්වයෙන් මේ වන විටත් සිටින්නේ රෝහල්ගතව ප්‍රතිකාර ලබමිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here