තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්කොළඹ ප්‍රධාන පාසලක විදුහල්පතිවරයෙකුගේ මුල්‍ය අක්‍රමිකතා යටගසන කුමන්ත්‍රණයක්

    කොළඹ ප්‍රධාන පාසලක විදුහල්පතිවරයෙකුගේ මුල්‍ය අක්‍රමිකතා යටගසන කුමන්ත්‍රණයක්

    පාසලට සිසුන් ඇතුළත් කිරීමේ දී රුපියල් ලක්ෂ 76ක පමණ මූල්‍ය අක්‍රමිකතාවයක් සිදුකර ඇති බව කියන කොළඹ ප්‍රධාන පාසලක විදුහල්පතිවරයෙකු එම පාසලෙන් ඉවත් කර කොළඹ අධ්‍යාපන කලාපයේම අතිරේක අධ්‍යක්ෂකවරයෙකු ලෙස අනුයුක්ත කර ඇතැයි වාර්තා වේ.

    එම විදුහල්පතිවරයාට එරෙහිව පරීක්ෂණයක් පැවැත්වෙන අතරේ රාජ්‍ය සේවා කොමිසන් සභාවේ අනුමැතිය ඇතිව අධ්‍යාපන අමාත්‍යංශය අනුයුක්ත කළ බවද පසුව ඔහු කොළඹ අධ්‍යාපන කලාපයට මුදා හැර ඇති බව ද අධ්‍යාපන අමාත්‍යාංශ ආරංචි මාර්ග කියයි.

    මෙම විදුහල්පතිවරයා සේවය කළ විදුහලත් කොළඹ අධ්‍යාපන කලාපයට අයත්ව තිබෙන හෙයින් ඔහු එම කලාපයට අනුයුක්ත කිරීම, පරීක්ෂණ යටගැසීමේ කුමන්ත්‍රණයක් බව ද ලංකා ගුරු සංගමය චෝදනා කරයි.

    සොනාල් සිල්වෙස්ටර්

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img