Home උණුසුම් පුවත් මාස දෙකක් තුළ තැපැල් කන්තෝරු 5ක සේප්පු කඩලා

මාස දෙකක් තුළ තැපැල් කන්තෝරු 5ක සේප්පු කඩලා

0
මාස දෙකක් තුළ තැපැල් කන්තෝරු 5ක සේප්පු කඩලා

ගෙවී ගිය මාස දෙකක කාලය තුළ තැපැල් කාර්යාල 05ක් හොරු බිද රුපියල් ලක්ෂ 41කට අධික මුදලක් සොරකම්කර ඇත.

දීර්ඝ සති අන්ත නිවාඩු වල මෙම සොරකම් සියල්ලක්ම සිදුව ඇත.

ආසන්නතම සොරකම වාර්තාවන්නේ අලව්ව ප්‍රධාන තැපැල් කාර්යාලයෙනි. වෙසක් පොහොය දිනත් සමඟ උදාවූ සති අන්ත දීර්ඝ නිවාඩු කාලය තුළ තැපැල් කාර්යාලයේ වහලේ උළු ගලවා ඊට ඇතුළු වී මෙම සොරකම සිදුකර තිබේ. පොලීසිය පවසන්නේ ග්‍රයින්ඩරයකින් එහි වූ සේප්පු දෙකක් සිදුරුකර රුපියල් 361,198ක මුදලක් සහ රුපියල් 400,800ක් වටිනා මුද්දර තොගයක් සොරාගෙන ගොස් ඇති බවය.

ගල්ගමුව ප්‍රධාන තැපැල් කාර්යාලයද පසුගිය අප්‍රේල් මාසයේ අවසන් සති අන්තයේදී සොරු බිද තිබුණි. මුදල් ලක්ෂ 16ක් එහිදී සොරාගෙන ගොස් තිබුණි. එම සොරකම සිදුකර තිබුණේ සේප්පුවේ අගුල් විවෘතකරය.

ඒ හැරුණු කොට සෙසු සෑම තැපැල් කාර්යාලයක්ම හොරු බිද තිබුණේ සේප්පු කපාය.

වරකාපොල පිහිටි ප්‍රධාන තැපැල් කාර්යාලයද අප්‍රේල් මාසයේ තෙවැනි සතියේදී හොරු බිද තිබුණි. සේප්පුව කපා රුපියල් 170,300ක මුදලක් සහ රුපියල් 876,500ක් වටිනා මුද්දර තොගයක් සොරාගෙන ගොස් තිබුණි.

කැලණිය ප්‍රධාන තැපැල් කාර්යාලයද පසුගිය අප්‍රේල් 01වෙනිදාත් 03 වෙනිදාත් අතර කාලය තුළ සොරුන්ගේ ග්‍රහනයට ලක්විය. එම තැපැල් කාර්යාලයේ වහලය කඩා ඇතුළු වී සේප්පුව කපා එහි තිබුණු රුපියල් 643,885ක මුදලක් සොරාගෙන ගොස් තිබුණි.

මාර්තු 04 වෙනිදා මහා බාගේ තැපැල් කාර්යාලයත් මේ ආකාරවටම හොරු බිද තිබුණි. එහි සේප්පුව බිද සොරාගෙන ගොස් තිබුනේ රුපියල් 70,000ත මුදලකි. තැපැල් කාර්යාලයට සොරුන් ඇතුළු වී තිබුණේ බිත්තිය සිදුරුකරගෙනය.

ගල්ගමුව තැපැල් කාර්යාලයේ සොරකම හැරුණු කොට සෙසු තැපැල් කාර්යාල සියල්ලක්ම එකම පුද්ගලයෙකුගේ හෝ කණ්ඩායමක වැඩක් බවට සැකකල හැකිය. ඒ හැම සොරකමක්ම සිදුව ඇත්තේ එකම ආකාරයට එකම ක්‍රමයක් අනුගමනයකරමින් වන බැවිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here