Home උණුසුම් පුවත් TIDයේ යතුරු පැදියක කෑලි හොරු උස්සයි

TIDයේ යතුරු පැදියක කෑලි හොරු උස්සයි

0
TIDයේ යතුරු පැදියක කෑලි හොරු උස්සයි

ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයට අයත් යතුරු පැදියක් එම කොට්ඨාශයේ රථවාහන අංගනයේ තිබියදී කිසියම් අයෙක් විසින් එහි කෑලි ගලවාගෙන ගොස් තිබේ.

පොල්හේන්ගොඩ භූතානි ගොඩනැගිල්ලෙහි ස්ථාපිත කර ඇති ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය දැඩි ආරක්ෂක රැකවල් ඇති ස්ථානයකි.

මෙම සොරකම ගැන ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය විසින් කිරුලපන පොලිස් ස්ථානයට ඊයේ පැමිණිල්ලක්ද කර ඇත.

ඊට අනුව සොරාගෙන ගොස් ඇත්තේ NP WM 1167 දරණ යතුරු පැදියේ ඉදිරිපස පහන් කට්ටලය, පැති කණ්නාඩි යුගලය, රෝදයට සවිකර ඇති පෝක් දෙක, යතුරු පැදියේ මීටර් කොටස්ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here