Home උණුසුම් පුවත් ගුරුවරියකගේ වහලේ උළු ගලවා නිවසට රිංගා කළ දේ..

ගුරුවරියකගේ වහලේ උළු ගලවා නිවසට රිංගා කළ දේ..

ගුරුවරියකගේ වහලේ උළු ගලවා නිවසට රිංගා කළ දේ..

බෙන්තොට පොලිස් වසමේ හබුරුගල පරගහතොට පදිංචිව සිටින පාසල් ගුරුවරියකගේ නිවසකට වහලයේ උළු ගලවා ඇතුළු වී ඇති සොරෙක් රුපියල් ලක්ෂ 54කට අධික වටිනාකමක් ඇති රන් භාණ්ඩ සහ මුදල් සොරාගෙන ගොස් ඇත.

වෙසක් නිවාඩුවට පවුලේ සාමාජිකයන් සමඟ ඇය නිවස වසා දමා පසුගිය 05 වෙනිදා පුත්තලමට ගොස් සිටියදී මෙම සොරකම සිදුව තිබේ.

ඇය නැවත නිවසට පැමිණ ඇත්තේ 07 වෙනිදාය. ඒ එන විට නිවස හොරු බිද ඇති බව දැක පොලීසියට ඒ ගැන පැමිණිලිකර ඇත්තේ ඊයේ ය.

අල්මාරියේ තිබුණු රුපියල් 686,200ක මුදලක්, රුපියල් 4,508,500ක් වටිනා රන් භාණ්ඩ තොගයක්, රුපියල් 190,000ක් වටිනා ලැප්ටොප් පරිගණකයක්, රිදී වළලු 06ක්, ජංගම දුරකථනයක් ඇතුළු දේපොල රැසක් මෙසේ සොරාගෙන ගොස් ඇති බව ඇය පොලීසියට පවසා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here