
පසුගිය වසරේ මැයි 09 සිද්ධීන් අනුස්මරණය කිරීමට සිටින විරෝධතාකරුවන් පිරිසකට ස්ථාන කිහිපයකට ඇතුළුවීම වළක්වාලමින් කොටුව මහෙස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා වාරණ නියෝගයක් නිකුත් කර තිබේ.
ඒ අනුව ජනාධිපති මන්දිරයට, ජනාධිපති ලේකම් කාර්යාලයට, මුදල් අමාත්‍යාංශයට සහ අරලියගහ මන්දිරයට ඇතුළුවීම විරෝධතාකරුවන්ට තහනම් ය.
කොල්ලුපිටිය පොලීසිය විසින් කළ ඉල්ලීමක් සලකා බලා මහෙස්ත්‍රාත්වරයා එම නියෝගය නිකුත් කර තිබුණි.
මේ අතර පාර්ලිමේන්තුවේ අද (09) විනාඩියක නිහඬතාවක් පවත්වා තිබේ.
ඒ පසුගිය වසරේ මැයි 09 වැනිදා සිදුවූ කලහකාරි සිද්ධියේ දී ඝාතනයට ලක්වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරාල මහතා සිහිකරමිනි.
පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලංසා මහතා කළ ඉල්ලීමකට අනුව මෙම අනුස්මරණය සිදුකර ඇත.