Home උණුසුම් පුවත් ශ්‍රීලන්කන් ගැන කැබිනට්ටුවෙන් ගත් තීරණ

ශ්‍රීලන්කන් ගැන කැබිනට්ටුවෙන් ගත් තීරණ

ශ්‍රීලන්කන් ගැන කැබිනට්ටුවෙන් ගත් තීරණ

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ මෙහෙයුම් පවත්වාගෙන යාමට අදාළව ඊයේ (08) රැස්වූ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී යෝජනා දෙකකට කැබිනට් අනුමැතිය ලබාදී තිබේ.

ඒ අනුව CFM Leap 1A වර්ගයේ ගුවන්යානා එන්ජින් අලුත්වැඩියා කිරීමේ කොන්ත්‍රාත්තුව පිරිනැමීමට සහ ශ්‍රීලංකන් ගුවන් සේවය සඳහා ලොව පුරා ගුවන්තොටුපොළවල් 16කදී ගුවන්යානාවලට අවශ්‍ය ඉන්ධන සැපයීමේ කොන්ත්‍රාත්තු පිරිනැමීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබාදී ඇත.

ශ්‍රීලංකන් ගුවන් සේවය සඳහා ගුවන්තොටුපොළවල් 17කදී ඉන්ධන සපයා ගැනීම පිණිස සීමිත ජාත්‍යන්තර ලංසු කැඳවීමේ ක්‍රමය යටතේ ලංසු කැඳවා ඇත. ඒ සඳහා සමාගම් 12කින් ලංසු 52ක් ලැබී ඇති අතර, ලංසු 49ක් මූලික සුදුසුකම් සපුරා ඇත. චීනයේ ෂැංහයි පියුඩොන්ග් ගුවන්තොටුපොළ සඳහා ලංසු ඉදිරිපත් කරන ලද එකම ලංසුකරුගේ ලංසුව ප්‍රතික්ෂේප වී ඇත. ඒ අනුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ පරිදි ගුවන්තොටුපොළවල් 16ක ඉන්ධන සැපයීම සඳහා සාරානුකූලව ප්‍රතිචාර දක්වන ලද අවම මිල ගණන් ඉදිරිපත් කරනු ලැබ ඇති ලංසුකරුවන් වෙත අදාළ කොන්ත්‍රාත්තු පිරිනැමීම පිණිස වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

එමෙන්ම ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ගුවන්යානා 03ක CFM Leap 1A වර්ගයේ එන්ජින් නඩත්තු සේවා සපයා ගැනීම සඳහා සුදුසුකම් ලත් සැපයුම්කරුවන් වෙතින් සීමිත ජාත්‍යන්තර තරගකාරී ලංසු ක්‍රමවේදය යටතේ සවිස්තරාත්මක යෝජනා කැඳවීම සිදු කර ඇති අතර, ඒ සඳහා යෝජනා 03ක් ලැබී ඇත. ඒ අනුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ පරිදි CFM Leap 1A වර්ගයේ ගුවන්යානා එන්ජින් 03ක් අලුත්වැඩියාව සඳහා වන කොන්ත්‍රාත්තුව Lufthansa Technik AG වෙත ප්‍රදානය කිරීම පිණිස වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව ද අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here