
වසර 5කට අධික කාලයක් ආදායම් බලපත්‍ර ලබා ගෙන නොමැති වාහන අසාදු ලේඛනගත කර මොටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ තොරතුරු පද්ධතියෙන් ඉවත් කිරීමට කටයුතු කරන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ මහතා අද (08) පැවැසීය.
අදාළ තීරණය සම්බන්ධයෙන් හෙතම මෙසේ ද සඳහන් කළේය.
අපේ රටේ වාහන ලියාපදිංචිවෙලා තියෙනවා ලක්ෂ 80කට ආසන්න සංඛ්‍යාවක්.එහෙත් අපි පසුගිය කාලේ හොයලා බැලුවම කිව් ආර් ඛේතයට ලියාපදිංචි වෙලා තියෙන්නෙ ලක්ෂ 60කට ආසන්න සංඛ්‍යාවක්. ඒ අනුව ඉන්ධන ලබාගන්න ලක්ෂ 20කට ආසන්න වාහන සංඛ්‍යාවක් ලියාපදිංචි වි නැහැ.
මේ ගැන අධ්‍යනයක් කරලා අපි දැනට කරගෙන යනවා සියලුම පළාත් සභාවලින් වසර 5කට එහා ආදායම් බලපත්‍රය නොගෙන තියෙන වාහන සම්බන්ධයෙන් තොරතුරු එකතු කිරීමට අවශ්‍ය කටයුතු කරලා තියෙනවා. අදාළ පළාත් සභාවලින් අප ඉල්ලා තිබෙනවා තොරතුරු ලබා දෙන්න කියලා.
ඒ අනුව අපි ඉදිරියේ දී ගරු අමාත්‍යතුමා සහ ගරු රාජ්‍ය ආමාත්‍යතුමා සමඟ සාකච්ඡා කරලා ඉදිරි ක්‍රියාමාර්ග ගන්න. එහි දී වසර 5කට වඩා ආදායම් බලපත්‍ර ලබාගෙන නැත්නම් ඒ වාහන අසාදුලේඛනගත කරන්නත්. දෙවැනුව දිස්ත්‍රික් මට්ටමෙන් සිටින මෝටර් රථ ප්‍රවාහන පරික්ෂකවරුන්ගෙන් සොයා බලලා එම වාහන තොරතුරු පද්ධතියෙන් ඉවත් කරන්නත් කටයුතු කරනවා.යැයි කිවේය.
කෙසේ වෙතත් මෙයට වසර 5කට පෙර හිටපු ප්‍රවාහන කොමසාරිස් ජනරාල් ජගත් චන්ද්‍රසිරි මහතා ද මිට ආසන්න ප්‍රකාශයක් කර මාධ්‍යයේ පළව ඇති නමුත් මේ දක්වා එසේ අසාදු ලේඛනගත කළ වාහන හා තොරතුරු පද්ධතියෙන් ඉවත් කළ වාහන සංඛ්‍යාව පිළිබඳ තොරතුරු වාර්තාවක් ඉදිරිපත් වී නැත.
නිවුස් වේව් ඒ පිළිබඳ තොරතුරු ලබා ගැනීම සඳහා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල්වරයා සම්බන්ධ කරගැනිමට දුරකථන ඔස්සේ ගත් උත්සාහය සාර්ථක නොවිණි.