
ඩුබායි සිට මෙරටට පැමිණි ගුවන් මගියෙකුගේ ඉනෙහි සඟවා ගෙන ආ රන් කිලෝ 06යි ග්‍රෑම් 996ක් සොයා ගැනීමට පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ ගුවන්තොටුපොල ඒකකයේ නිලධාරීන් සමත්ව ඇත.
රන් කිලෝ 04යි ග්‍රෑම් 947ක් තිබී ඇත්තේ බිස්කට් ලෙස බවත් සෙසු රන් ප්‍රමාණය තිබී ඇත්තේ ස්වර්ණාභරණ ලෙස බවත් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය සඳහන් කරයි.
මෙම ගුවන් මගියාව අත්අඩංගුවට ගෙන ඇත්තේ ඩුබායි සිට ඊයේ මෙරටට පැමිණි අවස්ථාවේදීය. ඔහු කොළඹ 10 ශ්‍රී සංඝරාජ මාවතේ පදිංචි 43 හැවිරිදි පුද්ගලයෙක් බව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය සඳහන් කළේය.