Home COVID කොවිඩ්-19 ගෝලීය හදිසි සෞඛ්‍ය තත්ත්වය අවසන්

කොවිඩ්-19 ගෝලීය හදිසි සෞඛ්‍ය තත්ත්වය අවසන්

කොවිඩ්-19 ගෝලීය හදිසි සෞඛ්‍ය තත්ත්වය අවසන්

Covid-19 පැතිරීම තවදුරටත් ගෝලීය මහජන සෞඛ්‍ය හදිසි තත්ත්වයක් නොවන බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කර තිබේ.

“ඊයේ එහි කමිටුව 15 වන වරටත් රැස් වූ අතර ජාත්‍යන්තර අවධානයට ලක්වන මහජන සෞඛ්‍ය හදිසි අවස්ථාව අවසන් කරන ලෙස මට නිර්දේශ කළේය. මම එම උපදෙස පිළිගතිමි” ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්‍රොස් අදානොම් ගෙබ්‍රියේසස් මාධ්‍ය හමුවකදී පැවසීය.

“එබැවින් මම COVID19 ගෝලීය සෞඛ්‍ය හදිසි අවස්ථාව අවසන් බව ප්‍රකාශ කරන්නේ මහත් බලාපොරොත්තුවකින්. කෙසේ වෙතත්, ගෝලීය සෞඛ්‍ය තර්ජනයක් ලෙස COVID-19 අවසන් වී ඇති බව මින් අදහස් නොවේ. පසුගිය සතියේ, COVID-19 සෑම මිනිත්තු තුනකට වරක් ජීවිතයක් බිලිගත්තේය. එය අප දන්නා මරණ පමණි, අප කතා කරන පරිදි, ලොව පුරා දහස් ගණනක් මිනිසුන් දැඩි සත්කාර ඒකකවල තම ජීවිත වෙනුවෙන් සටන් කරති. තවත් මිලියන ගණනක් පශ්චාත් COVID19 තත්වයේ දුර්වල බලපෑම් සමඟ දිගටම ජීවත් වෙති. ” හෙතෙම වැඩිදුරටත් පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here