Home උණුසුම් පුවත් “බුදුදහමේ කියාදුන් නිසි කළමනාකරණය ඇසුරින් අර්බුදය සමනය කරගනිමු”

“බුදුදහමේ කියාදුන් නිසි කළමනාකරණය ඇසුරින් අර්බුදය සමනය කරගනිමු”

“බුදුදහමේ කියාදුන් නිසි කළමනාකරණය ඇසුරින් අර්බුදය සමනය කරගනිමු”

ලෝක ස්වභාවය මැනවින් අවබෝධ කිරීමට උදව්වන බුදු දහමේ මඟ අද ලොවටම අනුගමනය කිරීමේ වුවමනාව ඇති වී ඇතැයි අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ මනුෂ්‍යත්වය තරම් නොවන සමහර සිදුවිම් වාර්තා වන වර්තමානයේ ද යළි යළිත් උතුම් බුද්ධ දර්ශනයේ මඟ පසක් කරමින් කටයුතු කළ යුතු බවයි.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා‌‌‌ගේ වෙසක් පණිවුඩය පහතින් දැක්වේ.

සමස්ත බෞද්ධ ජනයාගේ පරම පූජනීය දිනය වෙසක් පුර පසළොස්වක පොහොයයි. ඉතිහාසය පුරාවට ජාතික හා ආගමික සහජීවනය වැඩිදියුණු වීමට බුදු දහමෙන් අප ලැබූ හික්මීම මහඟු කොට බලපෑ අතර ලොව හමුවේ අභිමානයෙන් නැගී සිටීමට ද අපට එය ඉවහල් විය.
ලෝක ස්වභාවය මැනවින් අවබෝධ කිරීමට උදව්වන බුදු දහමේ මඟ අද ලොවටම අනුගමනය කිරීමේ වුවමනාව පවතී.

බුදු දහමේ හරය සොයායන රටවල් ඒ වෙනුවෙන් බෞද්ධ රටවලට ගමන් කර ඇති අතර තවද ගමන් කරමින් සිටී.
ලොව ජීවන රටාවේ අප සිතූ මාර්ග කඩා වැටෙමින් ඇත. ඔවුන් බුදු දහමේ හරය සොයා යයි.

බුදු දහමින් පෙන්වා දුන් නිසි කළමනාකරණය ද අද අප මුහුණ දී සිටින අර්බුදකාරී තත්ත්වය සමනය කර ගැනීමට අප අපටම දායක විය හැකිය.

ඒකේන භොගේ භුඤ්ජ්‍යෙය – ද්වීහි කම්මං පයෝජයේ
චතුත්ථං ච නිධාප්‍යෙය – ආපදා සුභවිස්සති

තමා දැහැමින් උපයා සපයා ගත් ධනය සිවු කොටසකට බෙදා එක් කොටසක් දෛනික ජීවිතයේ පරිභෝජනයට, කොටස් දෙකක් අනාගත දියුණුව හෙවත් කර්මාන්ත ආදිය සඳහාත්, සිව්වැනි කොටස විපතක් පැමිණි විට ප්‍රයෝජනයට ගැනීමට තැන්පත් කළ යුතු බව බුදු වදනයි.

සමාජ සම්මත සාරධර්ම පරයා මනුෂ්‍යත්වය තරම් නොවන සමහර සිදුවිම් වාර්තා වන වර්තමානයේ ද යළි යළිත් උතුම් බුද්ධ දර්ශනයේ මඟ පසක් කරමින් සැබෑ නිරාමිස සතුට ළඟා කෙරෙන මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා යන සිව්බඹ විහරණ පෙරදැරි කරගත් සමාජයක් තුළ අපි කටයුතු කරමු.
සියලු සත්වයෝ නිදුක් වෙත්වා, නීරෝගී වෙත්වා, සුවපත් වෙත්වා !

දිනේෂ් ගුණවර්ධන
අග්‍රාමාත්‍ය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමජවාදී ජනරජය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here