වෙසක් පුර පසළොස්වක පොහොය යෙදී ඇති අද (05) දින රාත්‍රියේ ඡායා චන්ද්‍රග්‍රහණයක් සිදුවන බව කොළඹ විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යා අධ්‍යයනාංශයේ තාරකා විද්‍යා හා අභ්‍යවකාශ විද්‍යා ඒකකයේ මහාචාර්ය චන්දන ජයරත්න මහතා පවසයි.
ඒ සූර්යයා සහ චන්ද්‍රයා අතරින් පෘථිවිය පිහිටන විට පෘථිවියේ සෙවනැල්ල සඳ මතට පතිත වීම ඇරඹීමත් සමග ය.
චන්ද්‍රග්‍රහණය ලංකාවේ සම්මත වේලාවෙන් අද (05) රාත්‍රී 8.44ට චන්ද්‍රයා පෘථිවියේ උප ඡායාවට (අඩ අඳුරු සෙවනැල්ලට) ඇතුළුවීමත් සමගම ග්‍රහණය ආරම්භ වන බව හෙතෙම කියයි.
එහි උච්චතම ග්‍රහණ අවස්ථාව සිදුවන්නේ අද රාත්‍රී 10.52 ටයි.
එමෙන්ම චන්ද්‍රග්‍රහණය හෙට (06) අළුයම 1.01 ට අවසන් වේ.
මේ අතර පූර්ණ චන්ද්‍රග්‍රහණයක්, අර්ධ චන්ද්‍රග්‍රහණයක් ලෙස ලබන ඔක්තෝම්බර් 28 වැනිදා ශ්‍රී ලංකාවට දිස්වනු ඇත.
ඉන් පසුව ශ්‍රී ලංකාවට පෙනෙන මීළඟ චන්ද්‍රග්‍රහණය ඇතිවනුයේ 2025 සැප්තැම්බර් 7 වැනිදා බවත් මහාචාර්ය චන්දන ජයරත්න මහතා කීය.