Home උණුසුම් පුවත් රටපුරා දන්සැල් 7000ක් – අධීක්ෂණයට PHIලා 3000ක්

රටපුරා දන්සැල් 7000ක් – අධීක්ෂණයට PHIලා 3000ක්

රටපුරා දන්සැල් 7000ක් – අධීක්ෂණයට PHIලා 3000ක්

වෙසක් උත්සවය නිමිත්තෙන් ශ්‍රී ලංකාව පුරා දන්සල් 7,160 ක් අද(04) වන විට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලියාපදිංචි කර තිබේ.

ලියාපදිංචි වූ සහ නොවූ දන්සැල් සියල්ල ඒවා පැවැත්වීමට පෙර පරීක්ෂාවක් සහ උපදේශන, නිර්දේශ ද ලබාදෙන අතර වෙසක් පෝය දින සහ පසුදින ද මෙම දන්සැල් පරීක්ෂා කිරීමටත් පරිභෝජනයට සුදුසු අයුරින් ඒවායෙහි ආහාර සකස් කරදෙන්නේ ද යන්න සොයාබැලීම සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු යොදවා තිබේ.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා කියාසිටියේ සියලු සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශ ආවරණය වන පරිදි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් 362 දෙනාගේ අධීක්ෂණය සහ උපදෙස් යටතේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු 3000කට අධික පිරිසක් මෙම දන්සැල් පිළිබඳ පරීක්ෂා කරන බවයි.

දන්සැල් ලබාදෙන සංවිධායකයන් ජලය, ආහාර අමුද්‍රව්‍ය, පලාවර්ග ආදිය සපයා ගැනීමේදී විශේෂයෙන් සැළකිලිමත් වවන ලෙසත් දූෂිත ආහාර කොටස් හෝ නිර්දේශ කඩකරන දන්සැල් අත්හිටුවීමටත් කටයුතු කරන බව හෙතෙම වැඩිදුරටත් කීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here