තවත්
    මුල් පිටුවදේශීය පුවත්වැරදි කරන රියදුරන් අල්ලන එස්.ටී.එෆ්. ඩ්‍රෝන් මෙහෙයුම් ඇරඹේ

    වැරදි කරන රියදුරන් අල්ලන එස්.ටී.එෆ්. ඩ්‍රෝන් මෙහෙයුම් ඇරඹේ

    කොළඹ නගරයේ රථවාහන තදබදය මැඩලීමටත් මාර්ග නීති උල්ලංඝණය කරමින් රිය ධාවනය කරන රියදුරන් නීතියේ රැහැනට හසුකර දෙන්නටත් පොලිස් විශේෂ කාර්ය බලකායේ ඩ්‍රෝන් කැමරා ඒකකය ලබන බදාදා සිට සිය මෙහෙයුම් ආරම්භ කිරීමට තීරණය කර තිබේ.

    කොළඹ ගාලු පාර, හයිලෙවල් මාර්ගය, පාර්ලිමේන්තු මාර්ගය, පෑලියගොඩින් නුවර පාර සහ මීගමුව පාර යන මාර්ගත් කොළඹ නගරය ඇතුලත් ඩ්‍රෝන් මෙහෙයුම කක්‍රියාත්මක කෙරෙන බව විශේෂ කාර්ය බලකායේ සේනාවිධායක නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතා සදහන් කළේය.

    ස්ථාන 05 ක උස් ගොඩනැගිලිවල සිට කිලෝ මීටර් 05 ක පමණ වපසරියක් එක් ඩ්‍රෝන් කැමරාවකින් නිරීක්ෂණය කෙරෙන බවද වරුණ ජයසුන්දර මහතා සදහන් කළේය. ඩ්‍රොන් කැමරා ගුවන්ගත කෙරෙන ස්ථාන පහේම මෙහෙයුම් මැදිරි ස්ථාපිත වන බවත් එම මෙහෙයුම් මැදිරිවල විශේෂ කාර්ය බලකායේත් ගුවන් හමුදාවේත් සාමාජිකයන්ට අමතරව රථවාහන අංශයේ නිලධාරීන් දෙදෙනෙක්ද යෙදවෙන බව වරුණ ජයසුන්දර මහතා පැවැසීය.

    රථවාහන තදබදය ඇති මාර්ග සහ ස්ථාන හදුනාගෙන ඒ ස්ථානවලට රථවාහන අංශයේ නිලධාරීන් යොමු කර තදබදයන් අවම කිරීම මෙන්ම මාර්ග නීති උල්ලංඝණය කරමින් ධාවනය කෙරෙන රථ වාහන හදුනාගෙන නීතිය ක්‍රියාත්මක කිරීම මෙමගින් සිදුවන බවද ඔහු සදහන් කළේය.

    මෙම ඩ්‍රෝන් කැමරා මෙහෙයුම් ලබන බදාදා සිට දෛනිකව උදෑසන 6.30 ත් 9.30 ත් අතර කාලය තුලත් පස්වරුවේ සවස 3.00 ත් 6.00 ත් අතර සිදුවන බවද වරුණ ජයසුන්දර මහතා වැඩිදුරටත් පැවසීය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img