Home උණුසුම් පුවත් ගල්ගමුව ප්‍රධාන තැපැල් කාර්යාලයත් හොරු බිඳලා

ගල්ගමුව ප්‍රධාන තැපැල් කාර්යාලයත් හොරු බිඳලා

ගල්ගමුව ප්‍රධාන තැපැල් කාර්යාලයත් හොරු බිඳලා

ගල්ගමුව ප්‍රධාන තැපැල් කාර්යාලයට ද හොරු ඇතුළු වී රුපියල් ලක්ෂ 16ක මුදලක් සොරාගෙන ගොස් ඇත.

මෙම සොරකම සිදුව ඇත්තේ සති අන්තයේ දීර්ඝ නිවාඩුව පැවති කාලසීමාව තුළදී බව ගල්ගමුව පොලීසිය කියයි.

තැපැල්කාර්යාලය හොරු බිද ඇති බව දැනගෙන ඇත්තේ එය අද විවෘත කරන අවස්ථාවේදීය.

සොරකම සිදුකර ඇත්තේ සේප්පුවේ අගුල් කඩා බව පොලීසිය කියයි. සේප්පුව තිබී ඇත්තේ තැපැල් කාර්යාලයේ බිම් මහලේය. තැපැල් කාර්යාලයේ උඩුමහලින් ඇතුළු වී පහත මහලේ කාමරයේ දොරගුළු කඩා ඊට ඇතුළු වී සේප්පුවේ අගුල් කඩා මෙසේ මුදල් සොරාගෙන ඇති බව පොලීසිය කියයි.

වරකාපොල ප්‍රධාන තැපැල් කාර්යාලයද අප්‍රේල් 24 වෙනිදා දීර්ඝ නිවාඩු පැවති කාලයේ සොරු බිඳ තිබුණි. ග්‍රයින්ඩරයකින් සේප්පුව කපා මුදල් සොරාගෙන ගොස් තිබුණු බව පොලීසිය කියයි. රුපියල් ලක්ෂ 10කට අධික මුදල් හා තැපැල් මුද්දර තොගයක් එසේ සොරාගෙන ගොස් තිබුණි.

කැලණිය ප්‍රධාන තැපැල් කාර්යාලයද අප්‍රේල් 01වෙනිදාත් 03 වෙනිදාත් අතර කාලය තුළ බිද තිබුණි. තැපැල් කාර්යාලයේ වහලය කඩා ඇතුළු වී සේප්පුව කපා රුපියල් 643,885ක මුදලක් සොරාගෙන ගොස් තිබුණි.

මාර්තු 04 වෙනිදාද මහා බාගේ තැපැල් කාර්යාලයත් හොරු බිද තිබුණි. එහි සේප්පුව බිද සොරාගෙන ගොස් තිබුනේ රුපියල් 70,000ත මුදලකි. තැපැල් කාර්යාලයට සොරුන් ඇතුළු වී තිබුණේ බිත්තිය බිඳය.

මෙතෙක් මෙම තැපැල් කාර්යාල බින්ද කිසිදු සැකකරුවෙක් පොලීසිය අත්අඩංගුවට ගෙන නැත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here