Home උණුසුම් පුවත් වෙසක් අසිරියේ සියක් නමක් වඩිනා පිණ්ඩපාත චාරිකාව

වෙසක් අසිරියේ සියක් නමක් වඩිනා පිණ්ඩපාත චාරිකාව

වෙසක් අසිරියේ සියක් නමක් වඩිනා පිණ්ඩපාත චාරිකාව

සියක් නමක් ස්වාමින් වහන්සේලාගේ සහභාගිත්වයෙන් පවත්වනු ලබන පිණ්ඩපාත චාරිකාව හෙට(03) වන දින සිදුකිරීමට නියමිතය.

ශ්‍රී බුද්ධ වර්ෂ 2667 රාජ්‍ය වෙසක් උත්සවයට සමගාමීව බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව මඟින් මෙය සංවිධාන කර ඇත.

කොළඹ 02 හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයෙන් පෙ.ව. 9.30 ගමන් ආරම්භකර පිත්තල හන්දිය, 138 මාර්ගයෙන් කොළඹ නගර සභා පරිශ්‍රයට වැඩම කරවන ස්වාමින් වහන්සේලාට එහිදී දානය පිරිනැමීම සිදුකෙරේ.

අනතුරුව ස්වාමින් වහන්සේලා විහාර මහාදේවි උද්‍යානයේ රුක් සෙවණේ පනවන ලද ආසනවල වැඩ හිඳිමින් දානය වැළඳීම හා පුණ්‍යානුමෝදනාව සිදුකිරීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here