Home උණුසුම් පුවත් රාජකාරිය අමතකව වේදිකාවේ නැටූ රාළහාමිට වූ දේ..

රාජකාරිය අමතකව වේදිකාවේ නැටූ රාළහාමිට වූ දේ..

රාජකාරිය අමතකව වේදිකාවේ නැටූ රාළහාමිට වූ  දේ..

පෑලියගොඩ කැලණි නදී ක්‍රීඩාංගනයේ පැවති සංගීත සංදර්ශන වේදිකාවකට ගොඩවී නිල ඇදුමින් ඊයේ අලුයම පොලිස් කොස්තාපල්වරයෙක් නර්ථනයක නිරතව ඇත.

එම සංගීත සංදර්ශනයේ ආරක්ෂාවට යොදවා සිටි පොලිස් නිලධාරියෙක් මෙසේ හැසිරී ඇති බව පොලීසිය කියයි.

ගායකයෙක් ගීතයක් ගායනාකරමින් සිටියදී අළුයම 1.00ට පමණ වේදිකාවට ගොඩවූ මෙම නිලධාරියා එකවරම නර්ථනයක නිරතව ඇති බව පොලීස් තොරතුරු සඳහන් කළේය. එහිදී ප්‍රේක්ෂකයන්ගෙන් ලැබී ඇත්තේ යහපත් ප්‍රතිචාරයක් වූවත් සංවිධායකයින් විසින් ඔහුව වේදිකාවෙන් බිමට බස්සවා ඇත්තේ ඔසවාගෙනය.

මෙම සිදුවීම මුල්කරගෙන කැලණිය සහකාර පොලිස් අධිකාරීවරයා මෙම කොස්තාපල්වරයාගේ වැඩ තහනම් කිරීමට පියවර ගෙන ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here