Home උණුසුම් පුවත් නිධානයකින් ගොඩගත් රන් පැහැති කාසි තොගයක් සමඟ භික්ෂුවක් එක්ක 3ක් කොටු

නිධානයකින් ගොඩගත් රන් පැහැති කාසි තොගයක් සමඟ භික්ෂුවක් එක්ක 3ක් කොටු

නිධානයකින් ගොඩගත් රන් පැහැති කාසි තොගයක්  සමඟ භික්ෂුවක් එක්ක 3ක් කොටු

නිධානයකින් ගොඩගත් බව කියන රන් පැහැති කාසි 52ක් සමඟ භික්ෂුවක් ඇතුළු තිදෙනෙක් අනුරාධපුර බස් නැවතුම්පොල අසලදී අනුරාධපුර කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම භික්ෂුව 63 හැවිරිදි ගම්පොල විහාරස්ථානයක වැඩ සිටින අයෙක් බව පොලිසිය කියයි. සෙස සැකකරුවන් අවුරුදු 29 සහ 33 යන වයස්වල පසුවන අනුරාධපුර හා ගල්නෑවේ පදිංචිකරුවන්ය.

මෙම රන් පැහැති කාසි අලෙවි කිරීමට පැමිණ සිටියදී පොලීසියට ලද තොරතුරකට අනුව මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇත්තේ ඊයේ දිනයේදීය. අද ඔවුන් ව අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here