Home දේශීය පුවත් විශේෂ කාර්ය බලකායෙන් දියමත මෙහෙයුම් ඒකකයක්

විශේෂ කාර්ය බලකායෙන් දියමත මෙහෙයුම් ඒකකයක්

විශේෂ කාර්ය බලකායෙන් දියමත මෙහෙයුම් ඒකකයක්

ජලාශ සහ ඇල දොල ආශිතව සිදුවන අපරාධ සහ නීති විරෝධි ඡාවාරම් මැඩලීමේ මෙහෙයුම් සදහා “දියමත විශේෂ මෙහෙයුම් ඒකකය“ නමින් නව ඒකකයක් පොලිස් විශේෂ කාර්ය බලකාය යටතේ ස්ථාපිත කර තිබේ.

තෝරාගත් නිලධාරීන් 16 දෙනෙකුට විශේෂ පුහුණුවක් ලබාදෙමින් මෙම ඒකකය ආරම්භකළ බව පොලිස් මාද්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ අජිත් රෝහන මහතා සදහන් කළේය.

එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය සහ අපරාධ පිළිබඳ ආයතනය හා ශ්‍රී ලංකා මෝටර් බෝට්ටු සංගමය මෙම ඒකකය ස්ථාපිත කිරීමේ කටයුත්තට සහය ලබාදුන් බව ද අජිත් රෝහන මහතා පැවැසීය.

විශේෂ කාර්ය බලකායේ සේනාවිධායක නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතාගේ අදහසකට අනුව මෙම ඒකකය ස්ථාපිත කර තිබේ. දියමත සිදුවන අපරාධ ගැන අධ්‍යනයක නිරතවීමෙන් අනතුරුව මෙම ඒකකය ස්ථාපිතකර ඇත. ඒ අනුව බොල්ගොඩ ජලාශය, කැලණි ගඟ , කළු ගඟ සහ මාදුගඟ ආශිතව මුලින් මෙම ඒකකයේ නිලධාරීන් යොදවනු ලබයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here