තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්දිවි සැරියට සමුදුන් ප්‍රවීන කලාකරුවා

    දිවි සැරියට සමුදුන් ප්‍රවීන කලාකරුවා

    ප්‍රවීණ සිනමා, ටෙලිනාට්‍ය හා වේදිකා නට්‍ය රංගන ශිල්පියකු වූ ශිල්පී ජී.ආර්. පෙරේරා මහතා අද (01) අභාවප්‍රාප්ත වී තිබේ.

    කෙටි කලක් අසනීප තත්ත්වයකින් පසු වී ඇති ඔහු මිය යන විට 84 වන වියේ පසු විය.

    ගල්හේනගේ රත්නපාල පෙරේරා මහතා මෙරට සිනමාවේ, වේදිකාවේ සහ රූපවාහිනියේ ගෞරවාදරයට පාත්‍ර වූ විශිෂ්ට රංගධරයෙකි.

    ඔහු 1939 වසරේ නොවැම්බර් මස 13 වන දා කිරුළපනදී උපත ලබා ඇත.

    ප්‍රවීණ නාට්‍යවේදී සුගතපාල ද සිල්වාගේ ‘අපේ කට්ටිය’ නාට්‍ය කණ්ඩායමේ සාමාජිකයෙකු වුණු ඔහු එම කණ්ඩායම විසින් නිර්මාණය කරන ලද ‘බෝඩිංකරයෝ’ වේදිකා නාට්‍යයෙන් සිය කලා දිවිය ආරම්භ කර ඇත.

    අනතුරුව ඔහු වැලිකතර, කරුමක්කාරයෝ, ගිනි අවි සහ ගිනි කෙළි, අස්වැසුම,පාර්ලිමන්ට් ජෝක්ස් ආදී සිනමා නිර්මාණ රැසකට රංගනයෙන් දායක වී ඇත.

    එමෙන්ම දියසුලිය,චක්‍රායුධ,දූ දරුවෝ,දොළොස් මහේ ගංඟාව ඇතුළු ටෙලිනාට්‍ය 600ට අධික සංඛ්‍යාවකට ඔහු රංගනයෙන් දායකවී ඇත.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img