Home උණුසුම් පුවත් කේරල ගංජා කිලෝ 10ක් එක්ක 3ක් අල්ලයි – දෙදෙනෙක් හමුදාවේ

කේරල ගංජා කිලෝ 10ක් එක්ක 3ක් අල්ලයි – දෙදෙනෙක් හමුදාවේ

කේරල ගංජා කිලෝ 10ක් එක්ක 3ක් අල්ලයි – දෙදෙනෙක් හමුදාවේ

පූනෑව පොලිස් ස්ථානය ඉදිරිපිට ක්ෂණික මාර්ග බාධකයක් යොදා මගී බස් රථ නතරකරමින් කළ සෝදිසියකදී කේරල ගංජා කිලෝ 10ක් සමඟ හමුදා සාමාජිකයන් දෙදෙනෙක් සමඟ තුනක් පොලීසියට කොටුවී ඇත.

මගී බස් රථ තුනකදී මෙම සැකකරුවන් තිදෙනාව හසුවී තිබේ. හමුදාවේ දෙදෙනා නාවික හා යුධ හමුදා සාමාජිකයන්ය. ඔවුන් දෙදෙනා සතුව කේරල ගංජා කිලෝ 03 බැගින් 06ක් තිබුණු බව පූනෑව පොලීසිය කියයි.

අනිත් සැකකරු චාවකච්චේරියේ පදිංචිකරුවෙකි. ඔශු සතුව තිබී හමුවී ඇත්තේ ගංජා කිලෝ 04කි. මොවුන් තිදෙනාම සිය ගමන් මළු වල සඟවා කර ඇත්තේ ගංජා ප්‍රවාහන කිරීමකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here