තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ඩෙංගු වැළඳීමෙන් 15ක් මරු දකී - රෝගීන් තිස්දහසක්

    ඩෙංගු වැළඳීමෙන් 15ක් මරු දකී – රෝගීන් තිස්දහසක්

    වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු වැළදීමෙන් පුද්ගලයින් 15 ක් මිය ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

    එමෙන්ම මේවනවිට වාර්තා වන ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 29,000 ඉක්මවන බවද එම ඒකකය සඳහන් කරයි.

    වැඩිම රෝගීන් පිරිසක් බස්නාහිර පළාතෙන් වාර්තා වන අතර එය 49% කි. 

    මේ අතර දිස්ත්‍රික්ක 15ක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස 55ක් ඩෙංගු අධි අවදානම් කලාප ලෙස නම් කර තිබේ. 

    ජාතික ඩෙංගු මර්දන ඒකකය නිකුත් කළ නවතම වාර්තාවක දැක්වෙන්නේ කොළඹ , ගම්පහ , කළුතර , මහනුවර , මාතලේ , හම්බන්තොට , ගාල්ල , මාතර එම දිස්ත්‍රික්ක බවයි. 

    එමෙන්ම යාපනය , මඩකලපුව , ත්‍රිකුණාමලය , පුත්තලම , කුරුණෑගල , කෑගල්ල සහ රත්නපුර දිස්ත්‍රික්කවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරින් කොට්ඨාස ද ඩෙංගු අධි අවදානම් කලාපවලට ඇතුළත් ය. 

    මේ අතර, බස්නාහිර පළාතේ සියලු ප්‍රදේශ අවධාරණය කරමින් පසුගිය 26 වැනිදා විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් ආරම්භ කළේ ය. 

    එය ලබන 02 වැනිදා දක්වා පැවැත්වෙනු ඇත.

    මෙම වැඩසටහනට සමගාමීව අද සිට බස්නාහිර පළාතේ නිවාස පරීක්ෂා කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.

    එහිදී ඩෙංගු මදුරුවන් බෝ වන ලෙස පරිශ්‍ර පවත්වා ගෙන යන පුද්ගලයින්ට එරෙහිව නිතිමය පියවර ගැනීමට නියමිත බවද සෞඛ්‍ය අමාත්‍යාංශය වැඩිදුරටත් පැවසීය.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img