තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ඡන්දෙ ඉල්ලන්න හැදූ රාජ්‍ය සේවකයන්ට ලබන සතියේ එන විශේෂ චක්‍රලේඛය

    ඡන්දෙ ඉල්ලන්න හැදූ රාජ්‍ය සේවකයන්ට ලබන සතියේ එන විශේෂ චක්‍රලේඛය

    පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත්වූ රාජ්‍ය සේවකයන් වෙනුවෙන් විශේෂ චක්‍රලේඛයක් ලබන සතියේ නිකුත් කිරීමට රජය සූදානම් වෙයි.

    අග්‍රාමාත්‍ය, රාජ්‍ය පරිපාලන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද (28) පැවසුවේ පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත්වූ රාජ්‍ය සේවකයන්ට තමා ඡන්දය ඉල්ලන ඡන්ද බල ප්‍රදේශයට ආසන්න බල ප්‍රදේශයන්හි රාජ්‍ය ආයතනවල සේවය කිරීමේ අවසරය මෙම චක්‍රලේඛය මගින් ලබාදෙනන බවයි.

    එමෙන්ම දුරබැහැර ප්‍රදේශවල සිට රාජ්‍ය ආයතනවල සේවයට එන සේවකයන්ට ඒ ස්ථානවලම නැවතත් රාජකාරි කටයුතු කිරීමට අවස්ථාව ලබාදෙන බවද අගමැතිවරයා කියාසිටී.

    මුල්‍ය හිඟකම හේතුවෙන් පළාත් පාලන මැතිවරණය කල් දැමුවද මෙතෙක එය අවලංගු කර නොමැත.

    එවැනි තත්ත්වයක් යටතේ මැතිවරණ නීතිය කඩනොවන ආකාරයට කටයුතු කිරීම වැදගත් බවත් මැතිවරණ කොමිෂන් සභාවද ඒ බව පෙන්වාදී ඇති බවත් අගමැතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img